Wednesday, May 16, 2012

ශිෂ්ට යුගයක මිලෙච්ඡත්වය



යහමඟ’ අඩවිය විවිධ අවස්ථාවල වෙනත් වෙබ් අඩවි තුල පලවන විශේෂ ලිපි මේ තුලින් ජාතියේ අවධානයට ගෙන එනවා ඔබ දන්නවා ඇතැයි සිතමි. අද දවසේ ද එවැනි ලිපියක් ‘යහමඟ’ පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට උපුටා දැක්වීමට අදහස් කරමි. දියුණූ සංස්කෘතියක් හා වසර 2500 ක විශිෂ්ඨ ඉතිහාසයක් පිලිබදව උදම් අනන අප රට තුල වර්ථමානයේ පවතින නීතියේ දූර්වලාතාවයත්, එය ක්‍රියාත්මක වීමේ දී පවතින දුර්වලාතවයත්, සාරධර්ම අතින් සමාජ පිරිහීමත්, රටේ දැවෙන හා වැදගත්ම ගැටළුවලට බලධාරී අවධානය යොමු නොවීමත්, මනාව කියාපාන එම ලිපිය මෙසේය…
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති එම්.එල්.එම්. හිස්බුල්ලා මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පසුගිය වසර 5ක කාලය තුළ ස්ත්‍රි දූෂණ 6343ක් සහ ළමා අපචාර සිද්ධීන් 15158ක් දිවයින පුරා වාර්තා වී ඇතැයි ඔහු එහිදී පැවසීය.
වාර්තා වී තිබෙන ස්ත්‍රී දූෂණ අතරින් 2007වසරේ සිට 2011වසර දක්වා ළමා දූෂණ 4899ක් සහ වැඩිහිටි ස්ත්‍රී දූෂණ 1444ක් තිබෙන බවද ඔහු කීවේය.
ළමා දූෂණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයිද නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් තවදුරටත් දැක්වේ. ළමයින් දූෂණය කිරීමේ සිද්ධීන් 2007දී 805ක්ද, 2008දී 914ක්ද, 2009දී 2010දී ක් ද 1089ක්ද, 2011දී 1169ක්ද ආදී වශයෙන් වාර්තාවී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. වැඩිහිටි කාන්තාවන් දූෂණය කිරීමේ සිද්ධීන් 2007දී 346ක්ද, 2008දී 303ක්ද, 2009දී 279ක්ද, 2010දී 235ක්ද, 2011දී 281ක්ද වාර්තා වී ඇතැයිද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
මුළු දිවයිනේම පිහිටි පළාත්  පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත ලැබුණු තොරතුරු අනුව 2006දී ළමා අපචාර සිද්ධීන් 2355ක්, 2007 දී 2624ක්ද, 2008දී 3196ක්ද 2009දී 2954 ක් සහ 2010දී 4029ක් වාර්තා වී ඇති බවද ඇමැතිවරයා පැවැසීය.
ඉහත සංඛ්‍යාලේඛන වඩාත් හොදින් අවබෝධ කර ගැනීම සදහා අදාල ප්‍රස්ථාර මත click කර බලන්න…
විද්‍යාව හා තාක්ෂණය තුල අසීමිත දියුණුවක් ලබා ඇති නූතන ලෝකය, විටෙක දියුණු ශිෂ්ඨාචාරයක් පිලිබදව ද, තවත් විටෙක දියුණු සංස්කෘතීන් පිලිබදව ද, තවත් විටෙක ආගම දහම හා ඒ තුල ඇති විනය පිලිබදව ද උදම් අනයි. අප රට සැලකුව ද මෙම තත්වයෙහි වෙනසක් නැත. නමුත් සැබැවින්ම නූතන මිනිසා විද්‍යාව හා තාක්ෂණය තුල ලබා ඇති ජයග්‍රහණයන් මානව ගුණාංග තුල වර්ධනය කරගෙන නැත. මේ නිසා ඔහුගේ දියුණුව ඔහුගේ විනාශයටම හේතුවී ඇති ආකාරය දැකගන්නට ලැබේ. මේ පිලිබදව ලිපි ගණනාවක්ම මෙම අඩවිය තුල සාකච්චා කල අතර සැබෑ නූතනයට පියනඟන්න – නූතන මානවයාට ඇරයුමක් යන ලිපිය එයට සමීපතම නිදසුනකි. සරලව පවසනවා නම් අද සාරධර්ම, විනය, යහපත් ආදර්ශ… යනාදීය වචනයට හා පොත්පත්වලට පමණක් සීමා වී ඇත. මනුෂ්‍යා යහමඟ ගැන්වීම පිණිස ප්‍රකාශ වූ දහමන් පවා අද මිනිස් සමාජය විනාශ කරමින් හා භේදබින්න කරමින් අධර්මය තුල හැසිරෙන තැනට යොමු කොට ඇත.
අපේ රට පදනම් කරගෙන විමසා බලන්නේ නම්, අද ‘ධර්ම රාජ්‍ය’ සංකල්ප පිලිබදව පුළුල් සංවාදයන් රටපුරා සිදුවෙමින් ඇත. ඒවායින් සමහරක් විද්වත් සංවාද වන අතර තවත් සමහරක් අන්තවාදී හා වියරුවාදී සංවාද බව පැහැදිලි ලෙස දකින්නට ඇත. එවැනි සංවාදවලින් ඔබ්බට ගිය ක්‍රියාවලියන් ද දැන් දැන් සමාජගත වන්නට පටන් ගෙන ඇත. විශේෂයෙන් අන්‍යආගමිකයන්ගේ ආගමික නිදහසට බාධා කිරීම, ඔවුන්ගේ පූජා ස්ථාන කඩාබිද දැමීම, ඔවුනට හිංසා කිරීම… එවැනි කිහිපයකි.
මේ අතරතුර ‘ධර්ම ද්වීපයේ ඉරණම’ (මේ පිලිබදව වැඩි විස්තර සදහා ‘ධර්ම ද්වීපයේ ඉරණම හා ධර්ම ද්වීපයේ ඉරණම – 2 යන ලිපි කියවන්න) යැයි ඊනියා බියක් සමාජය තුල නිර්මාණය කරමින් ධර්මයේ නාමයෙන් අධර්මය සමාජය තුල වපුරන්නත්, වියරුවාදී මානසිකත්වයන් සමාජය තුල නිර්මාණය කරන්නත්, මෙවැනි ක්‍රියාදාමයන් තුලින් රට ආරජික තැනකට යොමු කිරීමටත් අන්තවාදී පිරිස් අරඟල කරමින් ඇත. ‘ධර්ම ද්වීපය’ යයි බෝඩ් ලෑලි යෙදූ පමණින් එය ධර්ම ද්වීපයක් නොවන බව මේ අන්තවාදී පිරිසට තවම අවබෝධ නොවීම අවාසනාවන්ත තත්වයකි. (මෙම තත්වය පිලිබදව බෞද්ධ විග්‍රයන් සහිතව ‘මිත්‍යා ප්‍රහාර’ නමින් මෙම අඩවිය තුල පාඨක ලිපියක් පවා ඉදිරිපත් වූවා ඔබේ මතකයේ ඇතැයි සිතමි.) මෙවැනි අන්තවාදී පිරිස් ‘ධර්ම ද්වීපය’ නම් බෝඩ් ලෑල්ල යොදා ගන්නේ දහම නමින් ඕනෑම පහත් ක්‍රියාවක් කොට එයට ජනතා ආශිර්වාදය ලබා ගැනීමට මිස දැහැමි චේතනාවෙන් නම් නොවන බව ඔවුන්ගේ ක්‍රියාවන් තුලින් මනාව පැහැදිලි වේ. පසුගිය කාලවල ශ්‍රී ලාංකීය සමාජය තුල අප ‘දඹූල්ල සිදුවීමත්අනුරාධපුර සිදුවීමත්’ එයට හොද නිදසුනකි.
මෙහිදී ‘ධර්ම රාජ්‍ය’ පිලිබදව වූ සංකල්පයෙහි වරදක් ඇතැයි මා නොපවසමි. තමන් පිලිගෙන පිලිපදින දහම ‘ලොව අනිකුත් දහමන්ට වඩා ආදර්ශමත්, ඒ තුල ලොව සියළු ගැටළු සදහා විසදුම් ඇත’ යනුවෙන් විශ්වාස කිරීම යම් ආගමික මතවාදයක් දරණ ඕනෑම කෙනෙකුගේ පොදු ලක්ෂණයකි. ඒ අනුව එම ස්ථාවරයේ හිද එයට අවශ්‍ය සැලසුම් සකස් කිරීමත්, ඉලක්ක හදුනා ගැනීමත්, එම ඉලක්ක වෙත ලඟාවීමට උත්සාහ කිරීමත් වරදක් නොවේ. නමුත් අන්තවාදී ලෙස තවත් දහමක හෝ එහි අනුගාමිකයන්ගේ ඉරණම තීන්දු කිරීමට සැලසුම් සකස් කරමින් ඒ සදහා ජනතාව පෙලගැස්වීම ශිෂ්ඨසම්පන්න ජනතාවක් අනුමත නොකරන පහත් ක්‍රියාවක් බව පැහැදිලි ලෙස වටහාගත යුතුවේ. වර්ථමාන ශ්‍රී ලංකාව තුල නිර්මාණය වෙමින් ඇත්තේ එවැනි පහත් සංස්කෘතියකි. රටම දරුණූ පරිහානියන්ට හා ව්‍යාසනයන්ට ගොදුරුවෙමින් සිටින මෙවන් මොහොතක පවා ‘බොරදියේ මාළු බාන්නට’ සැරසෙන පිරිස් සිටීම තවත් අවසානාවන්ත තත්වයකි. එවැනි පිරිසගේ බුද්ධිමත් විමසුමට ඉහත ලිපිය ඉදිරිපත් කිරීම තුලින් අපේක්ෂා කරන්නේ රටේ ජාතිවාදය හා ආගම්වාදය වපුරමින් පහත් වින්දනයන් ලබනවාට වඩා ඉටු කලයුතු තවත් බොහෝ දෑ ඉතිරිව ඇති බවයි. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ තම වගකීම නිසි ලෙස අවබෝධ කර නොගෙන පටු අරමුණුවල හිද අප ක්‍රියා කරන්නේ නම්, ජාතියක් ලෙස අවසානයේ ඉතිරි වන්නේ පසුතැවීම පමණි.

Tuesday, April 10, 2012

“හිජාබය වෙනුවෙන් දිවි පිදු කාන්තාව” (The headscarf martyr) ???


හිජාබ් මිලියනයක්

ඇමෙරිකාවෙහි කැලිෆොනියා ප්‍රාන්තයේ “ශාන්ඩියාගො කවුන්ටි” ප්‍රදේශයේ කෘර ලෙස ඝාතනයට ලක්වු “ශයිමා අල් අවාති” ඝාතනය මෑතකාලයේ වැඩිම ප්‍රසිද්ධියට පත්වු පුවතක් වී ඇත.සමාජ ජාලයේ ඇය වෙනුවෙන් හඩක් නගන්න විශාල පිරිසක් ඉදිරිපත් වී ඇති අතර ශයිමාගේ සාතනය ජාතයන්තර මාධ්‍යවල සදහන් වී තිබුනේ “හිජාබය ඇඳගත් මවකගේ ඝාතනය- Hijabi mother’s death” ලෙසයි. ශයිමාගේ ඝාතනයට යුක්තිය ඉල්ලා ආරම්භ කරන ලද සමාජ ජාල පිටු මෙ සතියේ Ranking අනුව මුඳුන් (Top Ranking) ගෙන ඇත.ශයිමාව සිහිපත් කරමින් මිලියනයක මුස්ලිම් නොවන කාන්තාවන් හිජාබය ඇද ඝාතනයට විරෝධය දැක්වීමේ වැඩ පිලිවෙලක්ද(One Million Hijabs for Shaima Alawadi) මෙ දවස් වල අන්තර්ජාලය හරහා වෙමින් පවතී.
මෙ වගේම ලොවම ආන්දෝලනයට පත්කල තවත් හිජාබය ඇඳගත් මවකගේ ඝාතනයක් එනම් එය වාර්තා වුයේ ජර්මනියේ, 2009 වසරෙ ජූලි 1 වෙනි දින “මර්වා ෂේබානි” ගෙ ඝාතනයයි.
උසාවෙයෙදි..
විනිසුරුවරුන් බලන් ඉද්දෙදී…
ආදාරණීය ස්වාමි පුර්ෂයා හා අවුරුදු 3 ක වයසැති දරුවාගේ ඉදිරියෙහි …
ආරක්ෂක අංශයේ ඇස් ඉදිරිපිටදීම…..
ගර්භනී මාතාවක් 18 වරක් පිහියෙන් ඇන ඝාතනයට ලක්වු පුවතක් මීට පෙර ඔබ අසා තිබෙනවාද ???
“මර්වා ෂේබානි” නම් වු අවුරුදු 32ක වයසැති ගර්භනී මාතාවයි එම කෘර ඝාතනයට ගොදුර වුයෙ ,,,
මෙ වගෙම ලොවම අන්දොලනයට පතකල තවත් හිජාබය ඇඳගත් මවකගේ ඝාතනයක් වාර්තා වුනේ 2009 වසරෙ ජූලි 1 වෙනි දින ජේර්මනියේ ඝාතනයට ලක්වු “මර්වා ෂේබානි” ගෙ ඝාතනයයි.

වෘත්තියෙන් pharmacist වු “මර්වා ෂේබානි” විවාහ වී සිටියේ ජාන ඉංජීනේරුවෙක් වු “ඇල්වි අලි ඕකාස්” වය.ෂේබානිට හා ඕකාස්ට අවුරුදු 3 වයසැති “මුස්තෆා” නම්වු පුතෙක්ද සිටියහ.2005 අවුරුද්දෙ ඊජිප්තුවෙ සිට ජර්මනියට මෙම යුවළ පදිචියට පැමිණියේය.ෂේබානි හිටපු අත්පන්දු සූරියෙකි.
2008 අවුරුද්දේ දිනක් ෂේබානි තමන්ගෙ පුතා මුස්තෆා සමග පයින් ගම කරමින් සිටියදි වයස 28ක් ඇති තරුණයෙක්වු “ඇලෙක්ස්” ෂේබානිට “ත්‍රස්තවාදීන්” යැයි බැන වැදුනු අතර පහත් පරුශ වචන වලින්ද බැන වැදී තිබේ.හේතුව වුයෙ ෂේබානි හිජාබ් පැලද සිටීමයි.
තමන් හා තමන් පිළිපදින ආගම මෙලෙස පහත් අන්දමින් අපහාසයට, කෝපයට පත්වු ෂේබානි එවෙලේ පොලිසියට දැනුම් දුන් අතර “ඩ්රෙහස්ඩෙන්” නගර උසාවියෙදි නඩුවක්ද ගොනු කළේය.එම නඩුව විභාගයට ගැනුනු අතර නඩුව විමසූ නඩුකාරවරයා “ඇලෙක්ස්” ට යූරෝ 780 ක දඩයක් නියම කළේය .කතාව එතැනින් අවසන් වුයේ නැත.ලොවම මවිතයට පත් කල මිලෙඡ්ච ඝාතනයද ඉන් අනතුරුව එම ස්ථානයේදීම සිදුවුනි.නිරපේක්ෂිතව පැන ආ ඇලෙක්ස් තමන්ගේ ඇදුම් ඇතුලේ සගවා තබා තිබු පිහිය අතට ගෙන මාස 3ක් ගර්භනී මාතාවක් වන ෂේබානිට 18 වරක් පිහියෙන් ඇන ඝතනය කලහ.
නඩුකාරවරයා,පොලිස් භටයන් හා සියල්ලොම බලාසිටියදී මෙම ඝාතනය සිදු විය. එම ස්ථානයෙදීම ඇලෙක්ස්ට වෙඩි තැබිය යුතු/වලක්විය යුතු පොලිස්භටයෝ තමන්ගේ බිරිදව බේරාගන්න උත්සහ දරපු ඕකාස්ව ඉලක්ක කරගෙනම වෙඩි තැබුවෙය.බරපතල ලෙස තුවාලයට පත් වූ ඕකාස් දැඩි සත්කාරක ඒකකයට ඇතුලත් කෙරිනි. අසරණ මවක්වු ෂේබානි උසාවියෙදිම මිය ගියෙය.වයස අවුරුදු 3ක් වන මුස්තෆාගෙ ඉදිරියෙදිම මව ඝාතනයට ලක්වු අතර පියා වෙඩි පහරට ලක්වුයෙය. “අන්තවාදය”,”ත්‍රස්තවාදය”,”මානව හිමිකම්” ගැන අධික වශයෙන් හඩ නගන බටහිර රටක සිදුවු මෙම ඝාතනය මුලු ලෝකයම කම්පනයට පත්කළේය.විශේෂයෙන් ඊජිප්තු වැසියන්ව ඉතා අඩික ලෙස කෝපයට පත්කල සිද්දියක් වූහ. තමන්ගෙ ශරීරය අනිත් අයට නොපෙන්වා විනීතභාවයෙන් යුක්තව ජීවත් වීම වෙනුවෙන් දිවි පිදු මර්වා අල් ෂේබානිගෙ දේහය පිළිබද අවසන් කටයුතු ඊජිප්තුවේ අලක්සැන්ඩ්රියා නගරයේදි සිදු වුනී.එම කර්තවයට දස දහස් ගනනින් සෙනග පිරුනු අතර ජර්මනියට විරුද්ධව ඝෝෂා නැගුහ.මර්වාගේ ඝාතනයට විරුද්ධව එ සමයෙදී රටවල් කීපයක උද්ඝෝෂන පැවැත්වුණු අතර. ඒ අතරෙ ඊජිප්තුවේ අලක්සාන්ඩ්රියා නගරයේ වීදියකටද ෂේබානිගෙ නම යොදන ලදී.
එනමුත් අවාසානාවකට බටහිර මාධයයන් මෙම ඝාතනය ඉතා නිහඬකාරීව පෙන්වූහ. කිසිදු බරහිර මාධයයක මේ ගැන සැලකිවයුතු ඉඩක්/ප්‍රසිද්ධියක් නොදී තිබුහ.මෙම සිද්ධිය ගැන අදහස් දක්වමින් “තුර්කි අල්ශුකූර් පත්තරයෙ කර්තෘ අබ්දුල් අසීම් හම්මාද්” -”යුදෙව් ජාතිකයෙක් මෙලෙස ඝාතනයට ලක් වී තිබුනහොත් බටහිර මාධ්‍යයන් දෙනු ලබන ප්‍රසිද්ධිය වචනවලින් කිව නොහැකි” යැයි පවසා තිබේ.මෙ සිද්ධිය ගෙන ජර්මන් රජය කිසිදු පියවරක් නොගත් බව චොදනා එල්ල විය.ජර්මන රජය නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකල බව එවකට ඊජිප්තු නිලධාරීන් චොදනා එල්ල කර තිබේ.
මාධයයන්හි මුස්ලිම් අන්තවාදි ,මුස්ලිම් ත්‍රස්තවාදි යන වචන බාවිතාව නිසා අලෙක්ස් වගෙ තරුනයන්ව මෙවන් ත්‍රස්ත ක්‍රියාවන් වල නිරතවන්න උනන්දු කරයි. දැනට ඉස්ලාම් බීතිකාව නිසා මානසික රොගී තත්වයට පත්ව ප්‍රතිකාර ලබන අය බටහිර රටවල්වල වැඩි වෙමින් පවතී. මුස්ලිම්වරුන්ට විරුද්ධව මාධයන් කරන තමන්ගෙ ක්‍රියා කලාපය යලිත් වරක් සිතා බැලීමට ෂේබානිගේ ඝාතනය හොද උදාහරණයක් ලෙස පෙන්විය හැක..
සතයය වශයෙන්ම තමන්ව නින්දාවට පත්කළ නිසා නීතිය අතට නොගෙන ප්‍රචණ්ඩත්වය මුදා නොහැර හැසිරුනු ෂේබානි ත්‍රස්තවාදියෙක්ද ???
නැතහොත් නීතිය තුට්ටු දෙකට සලකා ගර්භනීය මාතාවක් කිසිදු අනුකම්පාක් නැතිව ඉතා කෘර ලෙස ඝාතනය කල ඇලෙක්ස් ත්‍රස්තවාදියෙක්ද ???
කාන්තාවාක්ව උසාවිය තුලම ඝාතනය කිරීම බලා සිටි ජර්මන් පොලීසිය ගැන බටහිර මාධයයන් කුමක්ද පැවසුවෙ ??
ගර්බනීමාතවක් මිනිමරුවෙකුගෙ ග්‍රහනයෙන් මුදවා ගැනීමට නොහැකි ජර්මනියෙ “මානව අයිතිවාසිකමේ” ඉතා අලංකාරවත්ය.
ශිෂ්ටාචාරය කියා හිජාබය ගලවන් යන මුස්ලිම්වරුන් සිටින මෙ යුගයෙ හිජාබය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය වීමක් කියා හඩ නගන මෙ යුගයේ ,හිජාබ් වෙනුව්න් තම දිවි පිදු ෂේබානි යුග කාන්තාවකි,එසේම යුග මාතාවකි.
ෂේබානිව “හිජාබය වෙනුවෙන් දිවි පිදු කාන්තාව” (The headscarf martyr) ලෙස මුස්ලිම්වරුන් හදුන්වයි.

උපුටා ගත්තේ         -   http://apennews.wordpress.com/2012/04/04/one-million-hijabs/

වැඩි විස්තර සදහා     -   http://apennews.wordpress.com/


Mideast Egypt Germany Court Stabbing Some thousands of Egyptians surround the coffin of 32-year old pregnant Egyptian woman Marwa el-Sherbini, Monday July 6, 2009, who was stabbed by a German man in a courtroom in eastern Germany last week, during her funeral in Alexandria, Egypt. The woman was to testify against the man in court after he allegedly called her an Islamist and a terrorist in 2008. German prosecutors say a 28-year-old man who fatally stabbed Marwa was driven by a deep hate of foreigners. (AP Photo/Nasser Nouri) AP

ஹிஜாபிற்காக தன் உயிரை நீத்த பெண்மணி !!!


நீதி மன்றத்தில் நீதிபதிகள் பார்த்திருக்க அன்புக் கணவருக்கும் மூன்றே வயது மகனுக்கும் முன்னால்காவல் துறை கண்முன்பு 
ஒரு கர்ப்பிணித்தாய் 18 தடவைகள் கத்தியால் குத்திக் கொல்லப்பட்ட 
சம்பவம் பற்றி நீங்கள் கேள்விப்பட்டிருக்கிறீர்களா....?

இது ஒன்றும் "ஜாஹிலிய்யாக்' காலத்தில் மனிதப் பண்புகள் வளர்ச்சியுற்றிராத ஒரு தேசத்தில் நடைபெற்ற சம்பவமல்ல. ஜேர்மனியின் "ட்ரெஸ்டன்'நகரிலுள்ள நீதிமன்றில் நடந்தேறிய "அசிங்கம்'தான் இது.

"மர்வா அல் ஷெர்பினி' எனும் 32 வயதேயான கர்ப்பிணித் தாய்தான் இவ்வாறு அநியாயமாகக் கொல்லப்பட்டார். ஐந்து வருடங்களுக்கு முன்னர்தான் "எல்வி அலி ஓகாஸ்' எனும் இளைஞரைக் கரம்பிடித்தார். ஓகாஸ் ஒரு பொறியியலாளர். ஷெர்பினி "மருந்தாளர்' துறையில் பட்டப்படிப்பை முடித்திருக்கிறார். இவர்களுக்கு முஸ்தபா எனும் பெயரில் மூன்று வயதில் ஒரு மகனும் இருக்கிறான்.

துருக்கியைச் சேர்ந்த இத்தம்பதியர் 3 வருடங்களுக்கு முன்னர்தான் ஜேர்மனியில் குடியேறினார்கள்.2008ஆம் ஆண்டு ஷெர்பினி தனது மகன் முஸ்தபாவுடன் வீதியில் நடந்து போய்க் கொண்டிருந்தார். அப்போது "அலெக்ஸ்' எனும் 28 வயது இளைஞன் ஷெர்பினியைப் பார்த்து "தீவிரவாதி' என அழைத்ததுடன் மிக மோசமான தூஷண வார்த்தை ஒன்றையும் பிரயோகித்துள்ளான்.ஷெர்பினி இஸ்லாமிய முறையில்,ஹிஜாப் அணிந்திருந்ததே இவ்வாறு தூற்றப்படக் காரணமாகும்.

கொலையாளி கைதான பொழுது 

தன்னையும், தான் பின்பற்றும் மார்க்கத்தையும் தூற்றியமையால் ஆத்திரமுற்ற ஷெர்பினி "ட்ரெஸ்டன்' நகரிலுள்ள நீதிமன்றில் வழக்குத் தொடர்ந்தார்.வழக்கை விசாரித்த நீதிபதி அலெக்சுக்கு 780 யூரோ பணத்தை தண்டமாக விதித்தார். அப்போதுதான் அந்த அகோரச் சம்பவம் நடந்தேறியது.

திடீரெனப் பாய்ந்து வந்த அலெக்ஸ் தனது ஆடைக்குள் மறைத்து வைக்கப்பட்டிருந்த கத்தியை உருவி மூன்று மாதக் கர்ப்பிணியான ஷெர்பினியின் வயிற்றில் 18 தடவைகள் குத்தினான்.நீதிபதிகளும் நீதிமன்றக் காவலர்களும் பார்த்திருக்கவே இச்சம்பவம் நடந்தேறியது. அச்சமயம் அலெக்ஸை சுட்டுத் தள்ள வேண்டிய பொலிசாரோ தனது மனைவியைக் காப்பாற்ற முயன்ற ஓகாஸ் மீதே துப்பாக்கியால் சுட்டனர். இதனால் பலத்த காயமடைந்த ஓகாஸ் அவசர சிகிச்சை பிரிவில் அனுமதிக்கப்பட்டார். அப்பாவித் தாயான ஷெர்பினி நீதிமன்றத்தில் வைத்தே உயிர் துறந்தார். ஷெர்பினி மட்டுமல்ல அவர் வயிற்றில் சுமந்திருந்த மூன்று மாதக் கருவும் அங்கு உயிர் துறந்தது.மூன்றே வயதான மகனான முஸ்தபா முன்னிலையிலேயே அவனது தாய் உயிரைத் துறந்தார். தந்தை மீது துப்பாக்கிச் சூடு நடத்தப்பட்டது.

"தீவிரவாதம்', "பயங்கரவாதம்', "மனித உரிமை' பற்றி அதிகம் கொக்கரிக்கும் மேற்குலகில் நடந்த இச்சம்பவம் முழு உலகையுமே அதிர்ச்சியில் ஆழ்த்தியது . குறிப்பாக எகிப்தியர்களை பெரிதும் கொதிப்படையச் செய்துள்ளது.தனது மார்க்கத்திற்காக அதன்படி தனதுடலை மறைத்து வாழ்ந்தமைக்காக உயிர் துறந்த மர்வா அல் ஷெர்பினியின் ஜனாஸா நல்லடக்கம் எகிப்தின் அலெக்ஸாண்டிரா நகரில் இடம்பெற்றது. ஆயிரக்கணக்கான எகிப்தியர்கள் கலந்து கொண்ட இந் நல்லடக்க நிகழ்வில் ஜேர்மனுக்கும் யூதர்களுக்கும் எதிரான கோஷங்கள் வானைப் பிளந்தன. இஸ்லாத்திற்காக தன்னுயிர் நீத்த மர்வாவுக்கு ஆதரவாக இன்று சர்வதேச நாடுகள் பலவற்றிலும் ஆர்ப்பாட்டங்கள் இடம்பெற்று வருகின்றன. "ஹிஜாபுக்காக ஷஹீதான பெண்' என இவரை முஸ்லிம் உலகில் பலரும் வர்ணித்துள்ளனர். அத்துடன் எகிப்திலுள்ள அலெக்சாந்திரா நகர வீதி ஒன்றுக்கு மர்வாவின் பெயரை சூட்டுவதற்கும் தீர்மானிக்கப்பட்டுள்ளது.

ஆனால் துரதிஷ்டவசமாக மேற்குலக ஊடகங்கள் மர்வாவின் கொலையை மூடி மறைத்து விட்டன.இச்சம்பவம் குறித்து உலகின் கவனத்தை ஈர்க்கும் வகையிலான எந்தவொரு அறிக்கையிடலையும் மேற்குலக ஊடகங்கள் செய்யவில்லை. இதுகுறித்து கருத்து வெளியிட்டிருக்கும் துருக்கியின் அல்சுகூர் தினசரியின் ஆசிரியர் அப்துல் அஸீம் ஹம்மாத் ஒரு யூதர் இவ்வாறு கொல்லப்பட்டிருந்தால் மேற்கு ஊடகங்கள் அதற்கு அளிக்கும் முக்கியத்துவத்தை வார்த்தைகளால் வர்ணிக்க முடியாதிருந்திருக்கும் எனக் குறிப்பிட்டுள்ளார்.

இதேவேளை மர்வாவின் படுகொலை குறித்து உடனடி விசாரணைகளை மேற்கொண்டு கொலைகாரனான அலெக்சுக்கு உச்சபட்ச தண்டனை வழங்கப்பட வேண்டும் என மர்வாவின் சகோதரர் தாரிக் அல் ஷெர்பினி வேண்டுகோள் விடுத்துள்ளார்.அத்துடன் கடந்த இச்சம்பவம் குறித்து ஜேர்மன் அரசு உரியவிசாரணைகள் எதனையும் மேற்கொள்ளவில்லை என கண்டனம் வெளியிட்டுள்ள ஈரானிய தலைமை நீதிபதி ஆயத்துல்லாஹ் மஹ்மூத் சரோதி இச்சம்பவத்தின்போது நீதிமன்றில் பிரசன்னமாகியிருந்த அனைவரும் விசாரணைக்குட்படுத்தப்பட வேண்டும் எனவும் வேண்டுகோள் விடுத்துள்ளார்

இச்சம்பவம் பற்றி ஜேர்மன் அரசு இதுவரை உத்தியோகபூர்வமாக எந்தவொரு தகவல்களையும் வெளியிடவில்லை என எகிப்திய அதிகாரிகள் குற்றம்சாட்டியுள்ளனர.

அண்மையில் பிரான்சில் 'புர்கா' எனும் முஸ்லிம் பெண்கள் முகத்தை மறைத்து அணியும் ஆடையைத் தடை செய்வது குறித்து நிகலஸ் சார்கோஸி வெளியிட்ட கருத்து ஊடகங்களில் பெரும் கவனயீர்ப்பைப் பெற்றிருந்தது. சார்கோசியின் இந்த வெறுப்பேற்றும் கருத்து அலெக்ஸின் கொலை வெறிக்குப் பின்னணிக் காரணமாக அமைந்திருக்க முடியும் எனவும் விமர்சகர்கள் சுட்டிக்காட்டியுள்ளனர்.

இஸ்லாத்துக்கெதிராக மேற்குலக ஊடகங்கள் திட்டமிட்டு மேற்கொண்டுவரும் இவ்வாறான பிரச்சாரங்களே முஸ்லிம்கள் மீது வன்முறைகள் கட்டவிழ்த்துவிடப்படுவதற்கான காரணம் என்பதில் மாற்றுக்கருத்துக்கு இடமில்லை.

முஸ்லிம் தீவிரவாதி, முஸ்லிம் பயங்கரவாதி...போன்ற ஊடகங்களின் வார்த்தைப் பிரயோகங்கள்தான் அலெக்ஸ் போன்றவர்களை மூளைச்சலவை செய்கின்றன.உண்மையில் இவ்வாறான ஊடகங்கள் தமது கருத்துநிலை குறித்து ஒருகணம் சிந்திப்பதற்கு மர்வாவின் கொலை ஒரு நல்ல உதாரணம் எனலாம்.

உண்மையாகவே தான் அவமானப்படுத்தப்பட்டமைக்காக வன்முறைகளைக் கையாளாமல் நீதிமன்றத்தை நாடிய மர்வா தீவிரவாதியா? அல்லது நீதிபதியின் தீர்ப்பினால் கோபமுற்று ஓர் கர்ப்பிணித்தாயையே ஈவிரக்கமின்றி கொலை செய்த அலெக்ஸ் தீவிரவாதியா?

ஒரு பெண் கண்முன்னால் கொல்லப்படுகையில் அவளை காப்பாற்ற முனையாது வேடிக்கை பார்த்த ஜேர்மனிய பொலிசாரையும் நீதிபதிகளையும் இந்த ஊடகங்கள் எவ்வாறு வர்ணிக்கப்போகின்றன?

ஒரு கொலைகாரனின் கையில் அகப்பட்ட தனது மனைவியைக் காப்பாற்றுவதற்கான உரிமையைக் கூட வாங்காத ஜேர்மனின் "மனித உரிமை'யின் லட்சணம் இதுதானா?

மேற்குலகு முஸ்லிம்களுக்கெதிராக மேற்கொள்கின்ற இந்த நடவடிக்கைகள் ஒருபுறமிருக்க நாகரிகம் எனும் பேர்வையில் ஹிஜாபைக் கழற்றி எறிந்து விட்டு நடைபயிலும் முஸ்லிம்' பெண்மணிகளே...உங்கள் எல்லோருக்கும் ஷஹீத் மர்வா அல்ஷெர்பினியின் தியாகம் உறைக்கிறதா என்ன?

தமிழில் : "இன்று ஒரு தகவல்"
Share

Monday, April 9, 2012

ෂඃබාන් මස කළ යුතු හා නොකළ යුතු ක්‍රියාවන්


ෂඃබාන් මස ඉස්ලාමීය දින දර්ශනයේ 8 වැනි මාසයයි. චන්ද්‍ර මාස අනූව 8 වැනි මාසය වන ෂඃබාන් රමළාන් මාසයට පෙරවූ මාසයයි.
ෂඃබාන් මස අධික වශයෙන් වෛකල්පිත උපවාසයන් ඉටු කිරීම ,නබි (සල්) තුමන්ගෙන් උතුම් වූ ආදර්ශ අතුරින් වේ:
ආයිෂා (රලි) තුමිය මෙසේ විස්තර කරයි: —ශාස්තෘවරයානන් උපවාසයෙන් තොර සිටියේ නැත යනු සිතන තරමට අඛණ්ඩව උපවාසයෙන් පසුවූ අවස්ථාද විය. උපවාසය ඉටු නොකළා යනු සිතන තරමට උපවාසයෙන් තොර සිටී අවස්ථාද විය. රමලාන් මස හැර නබි (සල්) තුමන් පුරා (මසක්) උපවාසයෙහි යෙදුනු තවත් මාසයක් නොවීය. නබි (සල්) තුමන් අධිකව උපවාසයෙහි යෙදුනු මාසය ෂඃබාන් මාසයයි˜ (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).
—නබි (සල්) තුමන් උපවාසයෙහි නිරතවීමට පි්‍රය කළ මාසයන් ෂඃබාන් හා ඉන් පසු උදාවන රමලාන් මස වේ˜ යනුවෙන් ආයිෂා (රලි) තුමිය විස්තර කරයි. (මූලාශ්‍රයන්: අබූදාවුද්, නසායි, අහ්මද්).
නබි (සල්) තුමන් රමලාන් හැර අධිකව උපවාසයෙහි යෙදුනු මාසයක් පවතී නම් එය ෂඃබාන් මාසයයි. එබැවින් කාන්තා පිරිමි බේදයකින් තොර සෑම මුස්ලිමෙකුම ෂඃබාන් මස මෙම යාඥාව කිරීම කෙරෙහි වැඩි උනන්දුවක් දැක්විය යුතුයි. පහත සඳහන් ප්‍රකාශය එහි සුවිශේෂත්වය පිළිබඳ මොනවට තහවුරු කරයි:
උසාමතිබ්නු ෙසෙද් (රලි) විස්තර කරයි: —මා නබි (සල්) තුමන්ගෙන් ෂඃබාන් මස මෙන් ඔබ උපවාසයෙහි නිරත වූ වෙනත් මාසයක් නොදුටුවෙමි යනුවෙන් ප්‍රශ්න කළෙමි. එයට එතුමන් රජබ් හා රමලාන් අතර මාසයක් පවති, එම මාසයෙහි ජනතාව නොසැළකිලිමත් බවක් දක්වති, නමුත් එය සර්ව බලධාරි අල්ලාහ් වෙතට යාඥාවන් ඉදිරිපත් කරනු ලබන මාසයයි, මාගේ යාඥාවන් අල්ලාහ් වෙතට ඉදිරිපත් කරනු ලබන විට මා උපවාසයෙන් පසුවීම ප්‍රිය කරමි˜ යනුවෙන් නබි (සල්) තුමන් පිළිතුරු දුන්හ. (මූලාශ්‍රයන්: අහ්මද්, නසායි).
අල්ලාහ් අභියසට යාඥාවන් ඉදිරිපත් කරනු ලබන මාසය යනුවෙන් නබි (සල්) තුමන් ෂඃබාන් මස සඳහන් කළහ, මා උපවාසයෙහි පසුවන තත්ත්වයක මාගේ යාඥාවන් අල්ලාහ් වෙතට ඉදිරිපත් කරනු ලැබීම මා පි්‍රය කරමි. යනුවෙන්ද එතුමන් පැවසූහ. අපි කොයි කවුරුත් මෙම කරුණ සැළකිල්ලට ගෙන ක්‍රියා කළ යුතුයි.
මග හැරුනු උපවාසයන් ඉටු කිරීම :
ආයිෂා (රලි) තුමිය පවසයි: —මට රමලාන් මස මග හැරුනු උපවාසයන් ෂඃබාන්හි හැර ඉටු කිරීමට නොහැකි වන්නේය˜. (මූලාශ්‍රයන්: මුත්තෆකුන් අෙලෙහි).
මෙම පුවතෙන් ප්‍රත්‍යක‍ෂ වන කරුණ නම් රමලාන් මස මග හැරුනු අනිවාර්්‍ය උපවාසයන් ෂඃබාන් මස තෙක් කෙනෙකුට ප්‍රමාද කරීමට අවසර පවතින බවයි. ඔසප්වූ කාන්තාවන්, දරු ප්‍රසූතය සමග රුධිරය වහනය වන කාන්තාවන්, රෝගීන්, මගීන් මෙවැනි විවිධ හේතූන් මත ගෙවි ගිය රමළාන් මස තුළ උපවාසය මග හැරුනු පිරිස් ෂඃබාන් මස උÞවත් සමග එය ඉටු කිරීමට යුහුසුළු විය යුතුය.
රමලාන් මසට දිනක් හෝ දින දෙකක් ඉතිරිව පවතින විට උපවාසය ඉටු කිරීමට පවතින තහනම:
—රමලාන් මසට දිනක් හෝ දින දෙකක් ඉතිරිව පවතින විට උපවාසයන් ඉටු නොකරන්න. නමුත් කෙනෙකු හැ: ඔහු උපවාසයෙහි යෙදීමට පුරුදුවී සිටින දිනයක් නම් ඔහුට එම දිනයෙහි උපවාසයෙහි යෙදිය හැක˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. වාර්තාකරන්නේ: අබූහුෙරෙරා (රලි). (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
ඉහත සඳහන් ප්‍රකාශයෙන් අදහස් කෙරෙන්නේ, උදාහරණයට: සෑම මසකම සඳුදා, බ්‍රහස්පතින්දා දිනවල උපවාසයෙහි යෙදීමට පුරුදුවී සිටින කෙනෙකු ෂඃබාන් මස අවසන් දින දෙක සඳුදා නැතහොත් බ්‍රහස්පතින්දා දිනයක් නම් ඔහුට එම දිනයෙහි උපවාසයෙහි නිරත වීමට අනුමැතිය ඇත. තවද අනිවාර්්‍ය උපවාසයන් මග හැරුනු පුද්ගලයාට ද එය ඉටු කිරීමට අනුමැතිය ඇත. ඒ හැර වෙන කිසිවෙකුට අවසර නැත.
ෂඃබාන් මස සුවිශේෂත්වයන් පිළිබඳ පවතින දුර්වල පුවත්:
රජබ් මස උÞවත් සමග නබි (සල්) තුමන් මෙසේ ප්‍රාර්ථනා කරයි:
اللهم بارك لنا في رجب وشعبان وبارك لنا في رمضان
හිමියනිæ රජබ්, ෂඃබාන් හා රමළාන් මාසයන්හි අප වෙත සෞභාග්‍යය පහළ කරනු මැනවæ
අනස් (රලි) තුමන් විස්තර කරන මෙම පුවත මුස්නද් අහ්මද් වැනි මූලාශ්‍රවල සඳහන්වූවද මෙහි වාර්තාකරුවන් පෙළේ —සාඉදා ඉබ්නු අබ්ර්රුකාද්˜ සඳහන්වීම නිසා මෙම පුවත දුර්වලය.
—ෂඃබාන් මස අඩක් ගතවූයේ නම් ඔබලා උපවාසය ඉටු නොකරන්න˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. විස්තර කරන්නේ: අබූහුරෙයිරා (රලි). (මූලාශ්‍රයන්: අහ්මද්, අබූදාවූද්, තිර්මිදි).
නමුත් මෙම පුවත පිළිබඳ හදීස් කලාවේ ප්‍රවීන විද්වතුන් වන අබ්දුර්රහ්මාන් ඉබ්නු මහ්දී, ඉමාම් අහ්මද්, අබූසර්ආ අර්රාසි, අල්අස්රම් වාර්තාකරුවන් පෙළේ පවතින දුර්වලතාවය නිසා ප්‍රතිෙක‍ෂ්ප කරති.
අනස් (රලි) තුමන් විස්තර කරයි: —රමළාන් උපවාසයෙන් පසු ශ්‍රේෂ්ඨවූ උපවාසය කුමක්දැයි නබි (සල්) තුමන්ගෙන් ප්‍රශ්න කරන ලදි, එවිට එතුමන් රමළාන් මස මහඟ= කිරීමක් වශයෙන් ෂඃබාන් මස උපවාසය වේ යනුවෙන් පිළිතුරු දුන්හ, යළි උසස් දන් දීම කුමක්දැයි එතුමන්ගෙන් ප්‍රශ්න කරන ලදී, එවිට රමළාන් මස කරන Þනය˜ යනුවෙන් පිළිතුරු දුන්හ. (මූලාශ්‍රය: තිර්මිදි).
මෙම පුවත වාර්තා කරන වාර්තා කරුවන් පෙළේ සඳහන් —සදකතිබ්නු මූසා˜ සාධකයට ගැනීමට තරම් බලවත් නොමැති බව ඉමාම් තිර්මිදි (රහ්) පවසයි. යහියා ඉබ්නු මුඊන් (රහ්) ඔහු පිළිබඳව: ඔහු කිසිවක් නැත යනුවෙන් විවේචනය කරයි. අෂ්ෂෙයික් අල්බානි (රහ්) මෙය දුර්වලවූ පුවතක් බව සඳහන් කරයි. මුස්ලිම් වැනි මූල්‍රාශ්‍රයන්හි අබූ හුරෙයිරා (රලි) විස්තර කරන පුවතක —රමළාන් මස උපවාසයෙන් පසු ශ්‍රේෂ්ඨවූ උපවාසය මුහර්රම් මස උපවාසය බව˜ සඳහන් වන නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයට ද මෙය විරුද්ධ වෙයි.
ෂඃබාන් මස පහළොස් වැනි දින හා
එම රාත්‍රිය සුවිශේෂි බව සඳහන් නබි වදන් හි
සැබෑ තත්ත්වය පිළිබඳ දැන් අපි සාකච්ඡා කරමු:
—ෂඃබාන් මස පහළොස් වැනි දින රාත්‍රිය උÞවීමත් සමග එම රාති්‍රයෙහි නැගිට යාඥා කරන්න, එදින උපවාසයෙන් පසුවෙන්න, එදින හිරු බැසයාමත් සමග අල්ලාහ් මෙලොවට දිස්වන අහසට බැස පැමිණ මාගෙන් සමාව අයදින්නන් සිටිනවා ද? ඔවුන්ගේ පාපයන් මා සමා කරමි, මාගෙන් ආහාර ඉල්ලන්නන් සිටිවාද? ඔවුන්ට මා ආහාර පිරිනමමි, පීඩාවට පත්වූවන් සිටින්නේ ද? ඔවුන්ගේ පීඩාවෙන් මා ඔවුන් මුදවමි හිරු උÞවන තෙක් අල්ලාහ් මෙසේ පවසන බව නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අලි (රලි) තුමන්, මූලාශ්‍රය: ඉබ්නු මාජා).
මෙම පුවත වාර්තා කරන වාර්තා කරුවන් පෙළේ —ඉබ්නු අබී සබ්රා˜ සඳහන් වෙයි. මොහු දුර්වල වාර්තාකරුවෙකි. මොහු සාවද්‍ය හදීස් ගොතන්නා යනුවෙන් ඉමාම් අහ්මද් (රහ්), ඉමාම් ඉබ්නු මුයීන් (රහ්) පවසති. එබැවින් මෙය සාධක වශයෙන් ගෙන කි්‍රයා කළ නොහැක.
ආයිෂා (රලි) තුමිය මෙසේ විස්තර කරයි: —මා රාති්‍රයක නබි (සල්) තුමන් නිදියහනේ නොවීම නිසා එතුමන් සොයා පිටත්වූයේමි, එවිට එතුමන් බකීඃ සුසාන භූමියෙහි වූ අතර —ෂඃබාන් මස පහළොස් වැනි දින රාත්‍රියෙහි හරි අඩක් ගෙවී යාමත් සමග අල්ලාහ් ලෝකයට දිස්වන අහස වෙත බැස පැමිණ බැටළුවාගේ රෝමයන්ටත් වඩා අධිකව සමාව පිරිනමන බව පැවසූහ˜. (මූලාශ්‍රය: තිර්මිදි).
මෙම පුවත වාර්තා කරන වාර්තාකරුවන් පෙළේ සඳහන් වන —හජ්ජාජ් බින් අර්තාත්˜ සෙසු වාර්තා කරුවා වන යහියා ඉබ්නු අබී කසීර්ගෙන් කිසිවක් ශ්‍රවණය කළේ නැත. මෙය දුර්වලවූ පුවතක් බව ඉමාම් බුහාරි (රහ්) කරන විවේචනය ඉමාම් තිර්මිදී (රහ්) සඳහන් කරයි. මේ පුවත මුල්කොට ගෙන ද කෙනෙකුට කි්‍රයා කළ නොහැක.
—ෂඃබාන් මස පහළොස් වැනි දින රාති්‍රයෙහි (අල්ලාහ්ට) ආදේශ කරන්නා හා සතුරුකම් පවත්වන්නා හැර අල්ලාහ් තම සියළු නිර්මාණයන්ට සමාව පිරිනමන්නේය˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූමූසා අල් අෂ්අරියි (රලි) තුමන්, මූලාශ්‍රය: ඉබ්නු මාජා).
මෙම පුවත වාර්තා කරන වාර්තාකරුවන් පෙළේ —අබ්දුල්ලාහ් ඉබ්නු ලහීආ˜ දුර්වල වාර්තාකරුවෙකු වන අතර, වලීද් ඉබ්නු මුස්ලිම් පුවත් වසංකරන බව හදීස් කලාවේ විද්වතුන් විවේචනය කරන බැවින් මෙය ද සාධක වශයෙන් ගෙන ක්‍රියා කළ නොහැක.
ෂඃබාන් මස පහළොස් වැනි දින රාති්‍රයෙහි වැදගත්කම පිළිබඳ සඳහන් වන කිසිදු පුවතක් නිවැරදි (සහීහ්) නොවන බව හදීස් කලාවේ ප්‍රවීන විද්වතුන් සඳහන් කරති. තත්ත්වය මෙසේ පවතින විට දුර්වල පුවත් පදනම් කොට කෙසේ නම් එය ශ්‍රේෂAඨ දිනයක් ලෙස සළකා කි්‍රයා කළ හැකිද? යනු කොයි කවුරුත් මදක් විමසා බැලීම වටී.
—බරාඅත්˜ යන නාමය කිසිදු පුවතක සඳහන් නොවූ පසුබිමක කෙසේ නම් එම නාමය යෙදුවා ද? යනු ලොකු ප්‍රෙහේළිකාවක් වශයෙන් පවති.
ඉමාම් නවවි (රහ්): රජබ් හා ෂඃබාන් මාසයෙහි විශේෂයෙන් ඉටු කරන සලාතය ප්‍රතිෙක‍ෂ්ප කළ යුතු බිද්අත් කි්‍රයාවකි. (මෙයට ආගමෙහි කිසිදු අවසරයක් නොමැත) යනුවෙන් පැවසූහ. (ග්‍රන්ථය: අස්සුනන් වල් මුබ්දතිආත්).
444 – حَدَّثَنَا قَبِيصَةُ أَخْبَرَنَا سُفْيَانُ عَنْ أَبِى رَبَاحٍ – شَيْخٌ مِنْ آلِ عُمَرَ – قَالَ ථ رَأَى سَعِيدُ بْنُ الْمُسَيَّبِ رَجُلاً يُصَلِّى بَعْدَ الْعَصْرِ الرَّكْعَتَيْنِ يُكْثِرُ فَقَالَ لَهُග فَقَالَ ථ يَا أَبَا مُحَمَّدٍ أَيُعَذِّبُنِى اللَّهُ عَلَى الصَّلاَةِ؟ قَالَ ථ لاَ وَلَكِنْ يُعَذِّبُكَ اللَّهُ بِخِلاَفِ السُّنَّةِග :سنن الدارمي -රැ المكتبة الشاملة-
සයීද් බින් මුසයියබ් (රහ්) අසර් සලාතයෙන් පසු වැඩි වශයෙන් සලාතය කරන පුද්ගලයකු දුටුවේය. ඔහුට දැන්විය යුතු දේ දන්වා සිටියේය. එයට එම පුද්ගයා අබූ මුහම්මද්æ මා සලාතය කිරීම නිසා අල්ලාහ් මට ද~ුවම් කරයිද? යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය. එයට එතුමන්, නැත. නමුත් ඔබ සුන්නාවට (නබි තුමන්ගේ මඟ පෙන්වීමට) විරුද්ධව කිරීම නිසා ඔබව ඔහු ද~ුවම් කරයි යනුවෙන් පිළිතුරු දුන්හ. (දාරමි).
ෂඃබාන් මස සුවිශේෂත්වයන් පිළිබඳ නබි (සල්) තුමන්ගේ
නාමයෙන් සාවද්‍ය ලෙස ගොතන ලද පුවත්:
ඉමාම් ඉබ්නුල් ජව්සි සිය —මව්ලූආත්˜ යන කෘතියෙහි මෙය සඳහන් කරයි:
—රජබ් අල්ලාහ්ගේ මාසයයි, ෂඃබාන් මාගේ මාසයයි, රමළාන් මාගේ සමාජයට අයත් මාසයයි.˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ.
—අලි (රලි) අමතා, කවුරුන් ෂඃබාන් මස පහළොස් වැනි දින රාත්‍රියෙහි රක්අත් 100 ක් සලාතය ඉටු කර, (එම සලාතයෙහි) සෑම රක්අතයකම අල්ෆාතිහා පරිච්ඡේදය හා කුල්හුවල්ලාහු අහද් පරිච්ඡේදය 10 වරක් පාරායනය කරයිද, ඔහුගේ සියළු අපේක‍ෂාවන් එදින රාති්‍රයෙහි අල්ලාහ් ඉටු කර දෙනු ඇත˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ.
—කවුරුන් ෂඃබාන් මස පහළොස් වැනි දින රාත්‍රියෙහි රක්අත් දොළහක් සලාතය ඉටු කර, සෑම රක්අතයකම අල්ෆාතිහා පරිච්ඡේදය හා කුල්හුවල්ලාහු අහද් පරිච්ඡේදය 30 වරක් පාරායනය කරයිද, ඔහු ස්වර්ගයෙහි සිය නවාතැන නොදැක එම ස්ථානයෙන් පිටත් නොවනු ඇත˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ.
කවුරුන් හෝ මෙවැනි පුවත් සාධක ලෙස ඉදිරිපත් කරන විට අපි ඉතා විමසිල්ලෙන් සිටීම සඳහායි මෙම පුවත් මෙහි සඳහන් කළ ඇත්තේ. අපි සැම විටම සහීහ් යන නිවැරදි තත්ත්වයේ පවතින වාර්තාවන් අනූව පමණක් ක්‍රියා කිරීමට වෙර දැරිය යුතුය.
බරාඅත් දිනය සුවිශේෂි දිනයක් බවට පත්කර එම දිනයෙහි උපවාසයෙන් පසුවීම, විශේෂ ආහාර පිළියෙල කිරීම, යාසීන් පරිච්ඡේදය තුන් වරක් පාරායනය කිරීම, එම රාති්‍රයෙහි විශේෂ යාඥාවන් ඉටු කිරීම නබි තුමන්ගේ කිසිදු ආදර්ශයක් නොමැති නොමග යවන බිද්අත් කි්‍රයාවන් වේ. මා උපවාසය ඉටු කිරීම තුළින්, යාසීන් තුන් වරක් පාරායනය කිරීම තුළින් මට අල්ලාහ්ගේ කෝපය ලැඛෙයි ද? යනුවෙන් කෙනෙකු ප්‍රශ්න කරයි නම් ඔහුට ඉහත සඳහන් සයීද් ඉබ්නු මුසයියබ් (රහ්) තුමන්ගේ පිළිතුර යළි වරක් කියවා බලන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

ZAKIR-NAIK-IN-SINHALA-Part- 1-2


Wednesday, April 4, 2012

ඉස්ලාමීය පොත් සිංහලෙන්


ඉස්ලාමීය පොත් සිංහලෙන්:

(Right click and ”Save Target as” to Save the book)

මුස්ලිම් ස්ත‍්‍රීයට ග‍්‍රන්ථයක්                            



මේ වන විට ලොව සිදුවෙමින් පවතින සියල්ල එක් ඡායාරූපයකින් පවසන අරුමය. ත්‍රස්ථවාදය තුරන් කරන මුවාවෙන් බටහිර රටවල් අහිංසක මිනිසුන් දස දහස් ගණනක් අමු අමුවේ ඝාතනය කරද්දී ඇස් කන් පියා වෙනතක් බලන බටහිර මාධ්‍ය ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රට වල සුළු සිද්ධීන් වලට අත පොවන්නේ නින්දිත අයුරිනි. ඔවුන්ගේ ඒ දෙබිඩි පිලිවෙතට ඔබ විරුද්ධ නම් මෙය හැකි පමන SHARE කරන්න


මේ වන විට ලොව සිදුවෙමින් පවතින සියල්ල එක් ඡායාරූපයකින් පවසන අරුමය.
ත්‍රස්ථවාදය තුරන් කරන මුවාවෙන් බටහිර රටවල් අහිංසක මිනිසුන් දස දහස් ගණනක් අමු අමුවේ ඝාතනය කරද්දී ඇස් කන් පියා වෙනතක් බලන බටහිර මාධ්‍ය ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රට වල සුළු සිද්ධීන් වලට අත පොවන්නේ නින්දිත අයුරිනි.

ඔවුන්ගේ ඒ දෙබිඩි පිලිවෙතට ඔබ විරුද්ධ නම් මෙය හැකි පමන SHARE කරන්න

Tuesday, April 3, 2012

මෝඩයන්ගේ දින සමරන බුද්ධිමතුන්


  • ටිරීං… ටිරීං… ටිරීං… (දුරකථනයන් නාදවේ)
  • හලෝ…
  • හලෝ, අද අනතුරකින් ඔබේ යළුවා මැරිලා
  • (කම්පනයට පත්ව) හලෝ… හලෝ… කව්ද යාළුවා හැප්පිලා තියෙන්නේ කොහේද?
  • මොකෝ උඹ රැවටුනානේ, මෝඩයා අද අපේ‍්‍රල් 01 බං
  • ආ… ඇත්තමයි.
මේ ලෝක මෝඩයන්ගේ දින සමරණ සමහරක් බුද්ධිමතුන්ගේ ක‍්‍රියා කලාපයයි. අන් අය මෝඩයන් බවට පත්කරනවා යයි සිතාගෙන ඒ සදහා විවිධ ආකාරයේ බොරු යොදාගැනීම ඒ බුද්ධිමතුන්ගේ උපක්‍රමයයි. එම බොරු පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔහුගේ මානසික තත්වය අනුව වෙනස් වේ. විටෙක එම බොරුව සමාජය එසෙත් නැත්නම් පවුලක් අසරණ කරන තරමට ප‍්‍රබල වේ. තවත් විටෙක එම බොරුව නිසා ඇතිවන කම්පනයන් ජීවිත හානිවලින් පවා අවසන් වූ අවස්ථාවන් වාර්ථා වේ. තවත් සමහරුන්ගේ බොරුව සරල හාස්‍ය උපදවන එකක් වේ. මේ ආකාරයට බොරුව මුල්කරගෙන මෙම මෝඩයන්ගේ දිනය සමාජය සමරනු අපිට අපේ‍්‍රල් මාස 01 වන දින සුලභ දසුනකි. මෙහි දී එක් කාරණයක් පැහැදිලිවම අවබෝධ කරගත යුතුය. එනම් මෙම සැමරුම හා බද්ධව පවතින ප‍්‍රධාන කරණය “බොරුව හෙවත් මුසාව” යන්නයි. ඒ අනුව මේ දිනය සමරණ පිරිස් අතර විශේෂයෙන් තරුණ හා වැඩිහිටි පිරිස මෙවැනි මෝඩයන්ගේ දින සැමරීම තුලින් “බොරැව” අනුමත හා වලංගු වූ කාරණයක් ලෙසත් වැරදි ආදර්ශයක් නොව සාමාන්‍ය කාරණයක් ලෙස සමාජගත කරයි. මේ හේතුව නිසා මේ මෝඩයන්ගේ දිනය තුලින් අප සමාජයේ, සමාජීයව මෙන්ම අධ්‍යාත්මිකව ද සිදුවන්නේ මහත් වූ පරිහානියකි.
ලොව කිසිදු දහමක් හෝ දර්ශනයක් බොරුව හෙවත් මුසාව සදහා අවසර ලබදී නැත. විශේෂයෙන් බුදුන්ගේ දේශය යයි පවසා ගන්නා ශ්‍රී ලාංකාව තුල අති බහුතරය පිලිපදින බුදුදහමේ පන්සිල් පදය අතර මුසාවෙන් වැලකී සිටීමට ද ප්‍රමුඛ තැනක් හිමිව ඇත. ඒ අනුව මෙම පාපකාරී ක‍්‍රියාවින් වැලකීම අත්‍යඅවශ්‍ය බව බුදුදහමට අනුව ද පැහැදිලිය. මේ ආකාරයටම සෑම ආගමකම හා දර්ශනයකම මෙය මිනිසුන් විසින් වැලකී සිටියයුතු එසේම සමාජය විසින් ප‍්‍රතික්‍ෂේප කලයුතු කරුණක් බව අවධාරණය කරයි. නමුත් මේ ආගමික ඉගෙන්වීමන් සියල්ලට තාවකාලික විරාමයක් ලබාදී ලොව සියළුදෙනා සාමුහිකව අත්වැල් බැදගෙන ආගම් බේදයකින් තොරව ලොව එක් දිනයක් සමරයි. ඒ අපේ‍්‍රල් මාස 01 දිනයයි. මුසාව හෙවත් බොරුව වෙනුවෙන්ම වෙන්කරගත් මේ දිනයේ සමහරක් පිරිස් බොරුව හා මුලාව උපයෝගි කරගෙන තවත් සමහරක් මෝඩයන් බවට පත්කිරීම මේ දිනය සැමරීමේ ස්වභාවයයි. සෑම වර්ෂයකම ලොව බොහෝ දෙනෙකු අපේ‍්‍රල් මාසය අරබන්නේ මේ ආකාරයටයි. මෝඩයන්ට කියා දිනයක් වෙන් කරගෙන එම දිනය සැමරීම තුලින් හා තවත් කෙනෙකු රැවටීම තුලින් තෘප්තියක් ලබාගනිමින් පමණක් නොව මුසාව මහා පාපයක් (වරදක්) බව දැන දැන ඒ අකුසල් ක්‍රියාවේ නිරතවීම තරම් මෝඩකමක් තවත් ලොව තිබෙන්නට පුළුවන්ද? මේ බුද්ධිමත් මෝඩයන් කොතරම් මෝඩයන්ද යන්න එය මානව පිළිඹිබු කරන්නකි.
කිසිවකුගේ මෝඩකම හෝ විකෘති මානසික වින්දනයක් නිසා නිර්මාණය කල මේ “මෝඩයන්ගේ දිනය” නම් වැරදි ආදර්ශය, දියුණුවේ ඉනිපෙත්තෙහි සිටින වර්ථමාන මිනිසා සැමරීම හෝ පිලිපැදීම තුලින් ඔහු දිනාගත් කිසිවක් තිබේද? ඔවුන් විසින් ජාතියට ලොකයට අහිමිකල දෑ නම් අපමණය. විශේෂයෙන් මෙවැනි ක‍්‍රියාදාමයන් නිසා ඇතිවන සමාජ පරිහානිය අමුතුවෙන් මා පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ. මෙවැනි මෝඩයන්ගේ දින සමරන පිරිසට එක් කාරණයක් පැහැදිලිව පැවසිය යුතුය. එනම්,
“අන්අය දුකට පත්කොට ඒ දුකේ සතුටු විදින තිරසන් ක‍්‍රියාව මානසික විකෘතිභාවයකින් පෙළෙන රෝගියෙකුගේ අංග ලක්‍ෂණයක් මිස බුද්ධිමත් ක‍්‍රියාවක් නම් නොවන බවයි.”
මේ හේතුන් නිසා තමා බොරුව හා මුලාව ඉස්ලාම් දහම දැඩිව හෙලා දකින්නේ. ඉස්ලාම් මෙවන් වූ පාපාක‍්‍රියාවන් දැඩිව පිලිකුල් කරයි. එය අන් අය සතුටු කරවීමට හෝ සිනාගැන්වීමට වුවත් එය වරදක් යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එය මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී,
“අන් අය හිනස්සවීමට බොරු පවසන්නාට අපකීර්තියමය, ඔහු විනාශ වෙත්වා!”
(මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි)
මනුෂ්‍යයෙකු සිනාසෙන විට ඔහු සතුටට පත්වේ. මේ සතුට පවා බොරුවක් මුල් කරගෙන ඇති නොවිය යුතු යන්න ඉස්ලාම් පවසයි නම්, මේ බොරුව මුල් කරගෙන සිදුකරන අනිකුත් ක‍්‍රියාවන් පිලිබදව කුමක් පවසන්නද?. බොරුව මුල් කරගෙන සිදුවන සියළුම ආකාරයේ මුලාකිරීමන් හා නොමඟ යැවීමන් ඉස්ලාම් ෂෛතාන් (නැමැති නපුරා)ගෙන් ඇතිවන්නක් බවත්, මේ නිසා මුස්ලීම්වරුන් මෙම කාරණය සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත් වියයුතු බවත් අල්ලාහ් (දෙවියන්)ශුද්ධ වූ අල්කුර්ආනයේ 9-119 වාක්‍යයෙන් ද මෙසේ අවවාද කරයි.
“විශ්වාසවන්තයනි, නුඹලා දෙවියන්ට බියවන්න තවද සත්‍ය කථා කරන පිරිසක් බවට පත්වන්න.”
විනෝදයට කියන බොහෝ බොරුවක් පවා ඉතා අවාදානම් එසේත් නැත්නම් අවාසනාවන්ත ඉරණමයන් උදාකරන බව අප අත්දැකීමෙන්ම හොදින් දන්නා කරුණකි. එසේ තිබිය දී අපේ‍්‍රල් මාස මුල් දිනය මෙම අවාසනාවන්ත ක්‍රියාව ජාත්‍යන්තර දිනයක් ලෙස ගෙන සැමරීම මිනිසාගේ තිබෙන අනවබෝධය පමණක් නොව ඔහුගේ මෝඩකමත් මනාව ප්‍රදර්ශනය කිරීමකි. එසේ නොවේ නම් “මෝඩයන් සදහා දිනයක්” නම් කොට එය සමරණු ඇත්ද? විශේෂයෙන් අන්අය මෝඩයන් බවට පත්කරන බව පවසමින් පව්කාර ක‍්‍රියාවේ නිරත වී ඒ තුලින් අවාසනාවන්ත ඉරණමක් අපට අපම උදාකර ගැනීම තරම් මෝඩකමක් තවත් තිබෙන්නට පුළුවන්ද?
දිව්‍යමය දහමකට උරුමකම් කියන මුස්ලීම්වරුන් මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වියයුතුය. බොරුව හා මුලාව දැඩිව පිටුදකින මුස්ලිම්වරු න් වන අප විසින් මෙම දිනය සැමරීම කොතරම් අවාසනාවන්ත තත්වයක්ද? මනුෂ්‍යයා සතුටුමත් දිවියක් ගතකිරීමට බොරුව හෝ මුලාව අවශ්‍ය නොවේ. මෙම “බොරුව හා මුලාව” යන්න සැමරීමට ඉස්ලාම් තිරිසන් වූ හෝ ආදර්ශ භංග වූ දහමක් නොවේ. ඉස්ලාම් මනුෂ්‍යත්වය අගයන එය ගරුකරන දිව්‍යමය දහමක් ඒ තුල මෙවන් පහත් ක්‍රියාවන් සදහා ඉඩ නොමැති බව පැහැදිලිවම අවබෝධ කරගතයුතුය.
අබූ අර්ශද්