Thursday, March 29, 2012

සම්ප්‍රදායට එහි ගිය යුගදිවිය – ඉස්ලාමීය විමසුමක්


සම්ප්‍රදායට එහි ගිය යුගදිවිය – ඉස්ලාමීය විමසුමක්

වර්ෂයක් පාසාම සමරණ ලෝක කාන්තා දිනය මෙවරත් උත්කර්ශවත් අන්දමින් සමරා ඒ තුල සුපුරුදු පරිධි අමිහිරි මතකයන් රාශියක් ඉතිරි කොට ගෙන මීලඟ ‘කාන්තා දිනය‘ තෙක් ඒ සියළු හමස් පෙට්ටියේ අඟුල් දමා ඇති මොහොතක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සුවිශේෂි වූ නමුත් පිරිමි පාර්ශවයට වැදගත් මාතෘකාවක් පිලිබදව යහමඟ අඩවිය තුල අද සාකච්චා කිරීමට අදහස් කරමි. විශේෂයෙන් කාන්තා අයිතිය හා ඇයට නූතන සමාජය තුල අත්ව ඇති ඉරණම වසරකට දිනයක් කථා කොට නිහඬ වන එසේත් එය අමතක කරදමන සමාජය තුල ඉස්ලාම් ඇය කෙරෙහි කොතරම් සැලකිලීමත් වෙනවාද? යන්න මීට ඉහත ද ලිපි ගණනාවක් තුලින් සාකච්චා කොට ඇත. එහිදී ‘101 වන වරටත් කාන්තා දිනය සමරණ අපේ ඇත්තෝ‘ යන්න එවැනි එක් සමීපතම නිදසුනකි. යහමඟ අඩවිය තුල මෙම විෂය සදහා වැඩි තැනැක් දී කරුණු සාකච්චා කිරීමට හේතුවක් ද ඇත. එනම් සීමිත මාතෘකා කිහිපයක් පදනම් කරගෙන ඉස්ලාම් දහමට එරෙහිව ප්‍රචාරණ කටයුතුවල නිරත වන පිරිස් ඒ පදනම් කරගන්නා මාතෘකාවන්  අතර ‘ඉස්ලාම් දහම තුල කාන්තාව‘ යන්න ද එකක් වීම එයට එක් හේතුවකි. ඒ අනුව ‘සම්ප්‍රදායට එහා ගිය යුගදිවිය‘ යන මාතෘකාව ඔස්සේ යුගදිවියට එළඹූනු අඹූසැමි යුවලක් කෙරෙහි ඉස්ලාම් පනවන නියෝග හා ආදර්ශ මොනවාද? යන්න පිලිබදව මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි.
අතීතයේ පටන් මෑත භාගය දක්වා කාන්තාව පිලිබදව පිරිමියා දැරෑ මතවාදයන් විශ්මය ජනකය. ඇය ජීවයක් ඇති කෙනෙකු ලෙස සැලකිය හැකිද? යන්න පිලිබදව පවා විද්වත් වාද විවාද පැවැත්වූ ඉතිහාසය මීට ඉහත ‘ජාත්‍යන්තරය තුල කාන්තාව එදා සහ අද‘ යන ලිපිය තුලින් මෙම අඩවිය තුල සාකච්චා කලා ඔබට මතක ඇතැයි සිතමි. එවන් මිලෙච්ඡ මතවාදයෙන් මීදි නූතන සමාජය පියවර ගණනාවක් ඉදිරියට පැමිණීම සතුටට කරුණක් වුවත්, අදත් බහුතර පිරිසක් තුල ‘ඇය පිරිමින්ගේ කායික අවශ්‍යතාවයන් සපුරාලීම සදහාම මවන ලද මැවීමක්‘ යන පහත් මානසිකත්වය වචනයෙන් නොකීවද හඳවතින් දර ක්‍රියා කිරීම කණගාටුවට කරුණකි. එහිදී ‘විවාහය‘ යන්න ඒ සදහා නීත්‍යානුකූල අවසරයක් යන්න අද බොහෝ දෙනෙකු තුල ඇති පිලිගැනීමයි. ‘විවාහය තුලින් තමා හා යුගදිවියට එළඹෙන ඇය මා වැනිම හිතන පතන විටෙක මට වඩා බුද්ධිමත් ලෙස කටයුතු කරන්න සමත් එසේම මට වගේම හැගීම් දැනීම් ඇති තවත් මා වැනිම ජීවයක්‘ යන්න නූතනයේ ජීවත් වන බොහෝ පිරිමීන් හදවතින්ම පිලිගැනීමට තවම මැලිවන කාරණයකි. මේ හේතුව නිසා මා ඉහතින් සදහන් කලාසේ මෙම විෂය පිරිමි පාර්ශවය මූලික කරගෙන සාකච්චා කිරීම අත්‍යඅවශ්‍ය මෙන්ම කාලීන අවශ්‍යතාවයක් වී ඇත.

ඉස්ලාම් පවසන කර්මය – විමසුමක්

අද යහමඟ අඩවිය තුල සාකච්චා කිරීමට අදහස් කරන්නේ ඉතා සංකීර්ණ එසේම ගැඹූරු මාතෘකාවක් පිලිබදවයි. සාමාන්‍ය ව්‍යවහාරයේ කර්මය, දෛවය, ඉරණම… යනාදී වචනවලින් හදුන්වන එම විෂය හැදින්වීමට භාවිතා කරන වචන පවා විටෙක සංකීර්ණ කාරණයක් වී ඇත. මන්ද සිංහල භාෂාව තුල හා විවිධ ආගමික ඉගෙන්වීමන් තුල කර්මය, දෛවය, ඉරණම… යනාදී වචන නිරන්තරයෙන් භාවිතා වේ. ඒවා විටෙක සමාන අරුතින්ද තවත් විටෙක පරස්පර විග්‍රහයන් ලෙසද ඉදිරිපත් වේ. ඒ අනුව මෙම වචනවලට අදාල වන අරුථ පිලිබදව පැහැදිලි අවබෝධය ලබා ගතයුතු වන්නේ ඒ ඒ විෂය පථය නියෝජනය වන ක්ෂේත්‍රය හා එහි ඇති විග්‍රාහයන් පදනම් කරගෙනය. උදාහර්ණයක් ලෙස ‘කර්මය’ යන වචනය සැලකූවිට ඒ සදහා සිංහල භාෂාව තුල එක් විග්‍රහයක්ද, බුදුදහම තුල තවත් විග්‍රහයක්ද, හින්දු හෝ කිතුණූ දහම තුල තවත් විග්‍රහයක්ද, සමාජය තුල මීට වඩා වෙනස් විග්‍රහයන්ද පැවතිය හැක. මෙවැනි තත්වයක කලයුතු වන්නේ ඒ ඒ විෂය පථයට අනුකූලව එම වචනාර්ථය අවබෝධ කරගැනීම මිස තම තමන් දරණ මතවාදය තුල කොටු වී අනිකුත් පාර්ශවයන් දරණ මතවාදයට චෝදනා නැඟීම හෝ ගැරහීම නොවේ. එම කාරණය හොදින් මතකයේ රදවාගෙන දැන් මාතෘකාව වෙත යොමු වෙමි.
ඉස්ලාම් දහම මූලික ප්‍රතිපත්ති 06 ක් මත ගොඩනැඟී ඇති බව මීට ඉහත මෙම අඩවිය තුල කිහිප අවස්ථාවකම සාකච්චා කොට ඇත. ‘ඉස්ලාම් හි මූලික පදනම විශ්වාසයයි’ යන ලිපිය එයට සමීපතම නිදසුනයි. ඒ අනුව සෑම මුස්ලීම්වරයෙකුම අනිවාර්‍යයෙන් විශ්වාසයෙන් යුතුව පිලිගතයුතු කරණූ 06 ක් ඉස්ලාම් දහම තුල ඇති බව දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. එම කරුණූ 06 අතුරින් කරුණූ කිහිපයක් පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුල අඩු වැඩි වශයෙන් සාකච්චා කොට ඇත. නමුත් එහි මේ දක්වා සාකච්චා නොකල ‘කර්මය පිලිබදව වූ විශ්වාසය’ නම් මාතෘකාවක් පිලිබදව තමා අද දින මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරන්නේ. එය ඉහත කරුණු 06 අතුරින් අවසාන කාරණය ලෙස ඉස්ලාම් පවසයි. සෑම මුස්ලීම්වරයෙකු තුලම පැවතිය යුතු මූලික විශ්වාස 06 අතුරින් අවසාන අංගය ලෙස ඉස්ලාම් පවසන මෙම ‘කර්මය, දෛවය එසේත් නැත්නම් ඉරණම’ යන්න (මෙතැන් පටන් එය මා ‘කර්මය’ යයි හදුන්වමි) ඉස්ලාම් දහම පිලිපදින මුස්ලීම්වරුන්ට පමණක් නොව ලොක්වාසී සියළු දෙනාගේ හිත සුව පිණිස තීරණාත්මක සාධකයක් යන්න මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත.

ෆේස්බුක් තුලින් පුද්ගලිකත්වයට කරන බලපෑම්

නූතන සමාජය සැලකූවිට අන්තර්ජාලය පිලිබදව හෝ අන්තර්ජාලය තුල ඇති ‘ෆේස්බුක්’ සමාජ ජාල වෙබ් අඩවිය පිලිබදව හෝ නොදන්නා කිසිවකු නොමැති තරම්ය. විශේෂයෙන් තරුණ තරුණියන් අතර අන්තර්ජාලය තුල ඉතා ජනප්‍රිය අංගයක් වී ඇත්තේ මෙම ෆේසබුක් හෙවත් මුහුණු පොත යන්නයි. 2004 වර්ෂයේ පෙබරවාරී මාසයේ ලෝකයාට හදුන්වා දෙන මෙම සමාජ ජාල වෙබ් අඩවිය තුල මේ වනවිට සාමාජිකත්වය ලබා ඇති සංඛ්‍යාව මිලියන 600 ත් ඉක්මවා ගොසිනි. නමුත් කවදත් තාක්ෂණය නුහුරට භාවිතා කරන තාරුණ්‍යය. මේ ෆේසබුක් තුලින් ද දිනෙන් දින පරිහානයට පත්වෙමින් සිටින බව මීට ඉහත කිහිප අවස්ථාවක යහමඟ අඩවිය තුලින් ශ්‍රී ලාංකීය සමාජයට කරුණ දක්වා ඇත. මැතක ඉදිරිපත් කල ‘මුහුණූ පොත තුල නැති වී යන අපේ ඇත්තෝ’ නම් ලිපිය විශේෂයෙන් සදහන් කලහැක. මෙලෙස තාක්ෂණය තුල විනාශය පතන අති බහුතරය හමුවේ ඉතා සුළු පිරිසක් හෝ මෙම තාක්ෂණය සමාජ යහපත සදහා භාවිතා කරන බවත් මෙහි දී සදහන් කලයුතුම කාරණයකි.
නමුත් මෑතක සිට මෙම ෆේස්බුක් අඩවිය තුල ‘හැක්කරුවන්ගෙන්’ ඇති වී තිබෙන බලපෑම නිසා මා ඉහතින් සදහන් සුළු පිරිස පවා මෙම ෆෙස්බුක් සමාජ ජාලයට සමුදී දිනෙන් දින එයින් දුරස්වෙමින් සිටීම කණගාටුදායක තත්වයකි. ෆේස්බුක් අඩවිවල ඇති තොරතුරු විකෘති කිරීමත්, එහි තොරතුරු සොරාගැනීමත්, අනවසරයෙන් ඒ තුලට ඇතුල් වීමත්, අසභ්‍ය පිංතූර හා වීඩියෝ දර්ශණ එයට අනවසරයෙන් එක් කිරීමත්… එවැනි දරුණූ බලපෑම් කිහිපයකි. වර්ථමානයේ මෙම තත්වය ජාත්‍යන්තරය තුල හා ජාතිකතලයේ නිතර දකින්නට හා අසන්නට ලැබේ. මේ පිලිබදව යහමඟ පාඨක ඔබද දැනුවත්ව හා ඒ පිලිබදව අවධීයෙන් සිටීම අත්‍යඅවශ්‍ය කාරණයකි. ඒ අනුව ඔබත් දැනුවත් වීම සදහාත් මෙවැනි තත්වයන්ට මුහුණපෑ පිරිස් ගතයුතු ක්‍රියාමාර්ගය පිලිබදව දැන්වත් වීම සදහාත් අන්තර්ජාලය තුල පලව තිබූ ලිපියක් ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එය මෙසේය…

ලෝක කාත්නා දිනය 101 වරටත් සැමරීම

වසරක් පාසා මාර්තු 08 දිනට ‘ලෝක කාන්තා දිනය‘ සැමරීම අද සමාජ සම්ප්‍රදායක් බවට පත්ව ඇත. මේ වන විට සියවතාවක්ම සමරා ඇති මෙම දිනය 2012 වර්ෂයේත් 101 වන වරට සැමරීමට විවිධ වැඩසටහන් ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික මට්ටමේ සංවිධානය වන මේ මොහොත් යහමඟ පාඨක අවධානයට කරුණු කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. අතීතයේ කාන්තාවගේ අයිතීන් දිනා ගැනීමට සදහා සංවිධානය වූ මෙම දිනය අද වනවිට තවත් සැමරුමකට ඒහා ගිය කිසිවක් නොමැති තැනට පත්ව ඇත. මෙම දිනය සැමරීම තුලින් කාන්තාව දිනාගත් කිසිවක් නොවුවත් මෙම දිනය අවස්ථාවක් කරගෙන බොරදියේ මාළු බාන පිරිස් නම් අඩුවක් නැතුව දක්නට ඇත. තමන් කාන්තාව වෙනුවෙන් පෙනීසිටින බවත්, ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින බවත්, ඔවුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් යහපත් මෙහෙයක් ඉටුකරන බව පුරසාරම් දොඩන සමහරක් පිරිස් කරන්නේ කාන්තාව ලංසුවට තබා තම අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමයි. මෙම පහක් ක්‍රියාවේ ප්‍රධාන පාර්ශවයන් වන්නේ රටේ දේශපාලඥයින්, ආගමික නායකයන් හා විද්වතුන්, දෙස් විදෙස් ස්වෙච්ඡා සංවිධානයන් හා මාධ්‍යෙව්දීන් යන්නයි. දේශපාලඥයින් මේ තුලින් දේශපාලන වාසී ලබා ගැනීමත්, ආගමික නායකයින් හා විද්වතුන් අනිකුත් ආගම් කාන්තාව නොසලකා හැර තිබියදී තමන්ගේ දහම ඒ යුතුකම නිසි ලෙස ඉටුකර ඇති බව පවසමින් තම දහමට කිසියම් ආකාරයක ජනතා ආකර්ශනයක් ලබාගන්නා අතර අනිකුත් ආගම් කෙරෙහි ජනතා අප්‍රසාදයක් ගොඩ නැඟීමත්, කාන්තාව වෙනුවෙන් තමන් පෙනීසිටින බව පවසමින් සමස්ථ සමාජයත් එහි කාන්නාවත් නොමඟ යවමින් සමිති සමාගම් හා සංවිධානවල සැඟවුණු න්‍යාය පත්‍රයන් ක්‍රියාවට නැංවීමත්, වසරක් පසා උදාවන කාන්තා දිනය වෙනුවෙන් පිටුගනණ් ලිපි හා පැය ගණන් සංවාද පවත්වමින් ජනතාව අතර ජනප්‍රියත්වයක් හා එය ව්‍යාපාරයක් කරගෙන මඩිය තර කර ගැනීමක් හැර මේ කිසිවක් තුලින් කිසිවකු කාන්තාවට දිනා දුන් දෙයක් නැත.
මෙහි ඉහත අවස්ථා 04න් ‘ආගමික නායකයන්ගේ හා විද්වතුන්ගේ‘ භූමිකාව පිලිබදව වැඩිපුර යමක් පැවසීමට ඇත. වසර ගණනාවක් මුළුල්ලේ යහමඟ අඩවිය ශ්‍රී ලාංකීය සමාජය තුල පවත්වාගෙන යාමෙන් ලද අත්දැකීමක් නම්, මෙම දිනයන් හි සිදුකරන්නේ කාන්තාව සම්බන්ධයෙන් තම දහම හෝ දර්ශනය තුල සදහන් වන්නේ කුමක්ද? යන්න ඉදිරිපත් කරනවා වෙනුවට මේ සම්බන්ධයෙන් අනිකුත් ආගම් වල සදහන් වන්නේ කුමක්ද? යන්න ඉදිරිපත් කිරීමයි. තමන් විවේචනය කරන දහමේ හෝ දර්ශනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කොට එහි කරුණූ පදනම් කරගෙන කිසියම් විවේචනයක් කරන්නේ නම් එහි වරදක් නැත. නමුත් මෙවැනි විවේචන ඉදිරිපත් කරන බහුතරයකට තමන් විවේචනය කරන දහම පිලිබදව පමණක් නොව තමන් පිලිගෙන පිලිපදින දහමේ හෝ දර්ශනයේ කාන්තාව සම්බන්ධයෙන් කුමක් පැවසෙනවාද? යන්න පිලිබදව පවා නිසි වැටහීමක් නොමැති බව ඔවුන්ගේ සංවාද තුල පැහැදිලි වීම කණගාටුවට කරුණකි. මෙහි හාස්‍ය ජනක කාරණය වන්නේ අනිකුත් ආගම් විවේචනය කිරීමේ යටි අරමුණින් සමහරක් පාර්ශවයන් කාන්තා අයිතීන් වෙනුවෙන් හඬක් නඟන බව පුරසාරම් දොඩමින් විරුද්ධ ආගමික මතවාද දරණ පාර්ශවයන්ගේ ‘ඇසේ කෙන්ඳ සොයන්නේ තමන්ගේ ඇසේ ඇති පොල් පරාල‘ පිලිබදව කිසිදු තැකීමක් නොකරය. මේ පිලිබදව යහමඟ අඩවිය කිහිප අවස්ථාවක විවිධ ලිපි ඔස්සේ පාඨක ඔබට කරුණූ දක්වා ඇත. එවැනි ලිපි කිහිපයක් හා කාන්තාව පිලිබදව ඉස්ලාම් කොතරම් දුරකට සැලකිලීමත් වී තිබෙනවාද? ඇයගේ අයිතීන් වෙනුවෙන් ඉස්ලාම් කොතරම් මැදිහත් වී තිබෙනවාද? යන්න පිලිබදව යහමඟ අඩවිය තුල මීට ඉහත සාකච්චා කල ලිපි කිහිපයක් ඔබගේ බුද්ධිමත් විමසුමට නැවත ගෙන එන්නේ නම්,

සැබෑ නූතනයට පියනඟන්න – නූතන මානවයාට ඇරයුමක්

වර්ථමානයේ ලොව නිතර කථාබහට ලක්වන මාතෘකාවක් ඇත්නම් ඒ ‘නූතන මානවයා දියුණුව හා ඔහුගේ අසමසම හැකියාවයි’. අද ඔහු දිනාගෙන ඇති ජයග්‍රහණයන් පිලිබදව සමස්ථ ලෝකය මහා උජාරුවට කථා කරයි. විශේෂයෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුල ද නිතර කථා බහ සිදුවන අතර ඒ වෙනුවෙන් සංවිධානය වන ජාත්‍යන්තර හා ජාතික වැඩසටහන්ද අපිට අළුත් කාරණයක් නොව්. මෙලෙස ලොව සෑම කෙනෙකුගේම ආකාර්ෂණ දිනාගැනීමට සමත් මෙම ‍ක්ෂෙත්‍රය පිලිබදව අද දින යහමඟඅඩවිය තුල තරමක් වෙනස් ආකාරයකින් අවධානය යොමු කිරීමට අදහස් කලේ යහමඟ අඩවිය තුල ද ‘නූතන මානවයා’ පිලිබදව යම් යම් කරුණූ සාකච්චා වන නිසාම බැවිණි. මෙහිදී යහමඟ පාඨක ඔබේ අවධානයට යොමු කලයුතු විශේෂ කරුණක් ඇත.  එනම් නූතනය පිලිබදව වැඩි බරක් දී මෙම අඩවිය තුල කථා කිරීමට හේතුව කුමක්ද? යන්නයි. මීට වසර 1400 කට පෙර ප්‍රකාශ වූ දහමක් නූතන යුගයේ කථා කිරීමේ දී එය නූතන සමාජයට අවබෝධ වන ආකාරයට කථා කිරීම හා සමහරක් කරුණූ වඩාත් හොදින් පැහැදිලි කරගැනීම සදහා නූතන යුගය සමඟ සංසන්ධනාත්මක ලෙස කථා කිරීම ඊට හේතුවයි. කෙසේ වෙතත් මෙහිදී බුද්ධිමත් විමසුමක් කලයුතු කරුණ නම් අප උජාරුවෙන් හා විටෙක ආඩම්භර ලීලාවෙන් කථා කරන ‘නූතනය තුල එහි සැබෑ ප්‍රතිපල අප ලබා තිබේද?‘ යන්නයි.
මෙසේ මා පැවසීම ඔබට තරමක් අවුල්සහගත වන්නට පුළුවන. එම නිසා මෙම කාරණය තරමක් සවිස්තරව හා නිදසුන් සහිතව විමසා බැලීම අත්‍යඅවශ්‍ය වේ. එනම්, නූතන මිනිසා යානවාහන හා අනිකුත් නවතම තාක්ෂණික මෙවලම් නිර්මාණය කිරීම මඟින් හා ඒවා භාවිතය සදහා නූතන ක්‍රමවේද භාවිතය අතින් ලබා ඇති ප්‍රගතිය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. ආරම්භ මිනිසාගේ පටන් අද දක්වාම සෑම සමාජයක්ම සිතුවේ තමන් ලඟා කරගෙන ඇත්තේ එම ක්ෂේත්‍රයේ ලඟා කරගත හැකි උපරිම සීමාව එසේත් නැත්නම් නූතනම සීමාව ලෙසයි. නමුත් කාලයත් සමඟ  එම නූතනයන් අභිබවා නව නූතනයන් ඉදිරිපත් වීමත් සමඟ එදා පැවති නූතනයන් නොදියුණූ අවධීන් බටත් වර්ථමානය නූතනම යුගය බවටත් පරිවර්ථනය විය. මෙය පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා නිදසුනක් පවසනවා නම්, පරමාණූව සොයාගත් මුල් අවධියේ පදාර්ථයක කුඩාම අංශුව පරමාණූව බවත් එය තවදුරටත් කුඩා කොටස් වලට බෙදිය නොහැකි බවත් තීන්දු කරන ලදී. ඒ අනුව එදා නූතන සොයාගැනීම වුයේ පදාර්ථයේ කුඩාම කොටස පරමාණුව බවයි. නමුත් ඒ නූතන ප්‍රකාශය මුසාවක් බවට පෙරලමින් පරමාණුවද පසු කාලීනව ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා න්‍යුට්ට්‍රෝන ලෙස කුඩා කොටස් වලට බෙදන ලද්දේ එතෙක් පැවතී නූතන මතවාදය වෙනුවට නව මතවාදයක් නූතන මානවයාට දායාද කරමිණි. ඒ තුලින් ද කියාපෑවේ එදා පැවති නූතනය සැබෑ නුතනය නොවන බවත් වර්ථමාන අනාවර්ණය තමා සැබෑ නූතනය වන බවත්ය. මෙය ඉහත නිදසුන පදනම් කරගෙන මා කරුණු පැහැදිලි කලද මෙය සෑම ක්ෂේත්‍රයකම පාහේ දක්නට තිබෙන පොදු තත්වයකි. මේ සියල්ල තුලින් පැහැදිලි වන කාරණය නම් ‘නූතනය‘ යන්න කිසියම් කාල පරාසයකට සීමා වූ එකක් මිස නිත්‍ය කාරණයක් නොවේ යන්නයි. තවත් සරලව පවසනවා නම්, කලින් කලට තීන්දු වන නූතනයන් කාලයට සාපේක්ෂ තාවකාලික සීමාවන් මිස ස්ථීර සීමාවන් නොවේ යන්නයි. කිසියම් කාල පරාසයක ජීවත් වන මිනිස්සුන් තමන් තාක්ෂණයේ උපරිමයට ලඟා වූ බව පවසයි. නමුත් පසුකාලීනව එම තාක්ෂණය අභිබවා තවත් තාක්ෂණයක් ඉදිරිපත් වේ. මෙයට හොද නිදසුනක් ලෙස පරිගණක තාක්ෂණයේ සීඝ්‍ර දියුණුව සදහන් කල හැක. මේ සියල්ල තුලින් පැහැදිලි වන එක් කාරණයක් ඇත. ඒ ලෝක විනාශය දක්වාම නූතන තාක්ෂණය යන්න දිනෙන් දින වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරන ලෝක විනාශ මොහොත දක්වාම යථාර්තයක් නොවන සාපේකෂ කාරණයක් යන්නයි. එසේ නම් නූතන මානවයා පවසනවා සේ ‘මෙය තමා නූතනම යුගය‘ යන්නත්, ‘මෙය දියුණුවේ උපරිම හා අවසාන සීමාවයි‘ යනුවෙන් පැවසීමත් නිවැරදි නිගමනයන් නොවන බව දැන් ඔබට වැටහෙනු ඇත.
මෙම ලිපිය මෙතෙක් කියවාගෙන එන ඔබට යහමඟ මෙවැනි මාතෘකාවක් සාකච්චාට ගැනීම තුලින් කියන්නට උත්සාහ කරන්නේ කුමක්ද? යන කුතුහලය සමහර විට දැනටමත් ඇති වී තිබෙනු ඇත. නූතන යුගයේ ජීවිත් වන බොහෝ පිරිස් ‘අප නූතනවාදීන්, මෙය තමා නූතන යුගය‘ යනාදී වශයෙන් වහසිබස් දොඩමින් එසේම තමන් ජීවත් වන මේ යුගයේ බුද්ධිමත් පිරිසක් වෙසෙන යුගයක් බවත්, ගෙවීගිය යුගයන්ට වඩා මේ යුගය දියුණූ යුගයක් බවත්, කියාපාමින් යම් යම් කරුණූ විවේචනයට හා අභියෝගයට ලක් කිරීම නිතර දක්නට ලැබේ. තවත් සරලව පවසනවා නම්, වර්ථමාන යුගයට සාපේකෂව අතීතයේ විසූ සමාජයන් නොදියුණූ තත්වයක, මිත්‍යාවන් තුල කොටු වී, නිසි අධ්‍යාපනයක් නොලබා, විද්‍යාත්මක පැහැදිලි කිරීමන් නොලබා… ප්‍රථමික යුගයක විසූ බවත්, තමන් දියුණූම යුගයක ජීවත්වන බුද්ධිමත්ම ජන කොට්ඨාශයක් යන්නත්, ඒ අනුව ඔවුන් නොලද සියළු දෑ වර්තමාන අප නොඅඩුව ලැබීම තුල ‘නූතන අප දියුණූ හා බුද්ධිමත්ම පිරිස වෙමු‘ යන්න ඔවුන්ගේ එම තර්කයන් හි හරයයි. මෙවැනි තත්වයක මෙම විෂය බුද්ධිමත් විමසුමකට ලක්කිරීම කාලීන වැදගත්කමක් ඇති කාරණයකි.

අවසාන කැමැත්ත ද දහමට අනූකූල වියයුතුයි.

වර්ථමාන කය දිනෙන් දින අර්බුද ගණනාවක්ට මැදිවෙන් පවතී. මේ අර්බුදකාරී තත්වය රට රටවල් අතර, ජාතීන් අතර, සමාජ අතර, පවුල් ඒකක අතර සහෝදරයන් අතර… යනාදී වශයෙන් ඉහලම තලයේ සිටි පහලම තලය දක්වා ව්‍යාප්ත වී පවතී. මෙම තත්වයෙන් මිනිස් සමාජය මුදවා ගැනීම සදහා විවිධ විකල්ප හා විසදුම් නොයෙක් පාර්ශවයන් කලින් කලට යෝජනා කලද එයින් තවම සාර්ථක ප්‍රථිපල ලබාගැනීමට ලෝකයා හට හැකි වී නැත. එසේ වීමට බලපෑ ප්‍රධාන හේතුවක් ඇත. ඒ නිවරුදි ගැටළුව හදුනාගෙන එයට විසදුම් සොයනවා වෙනුවට නිර්මාණය කරගත් ගැටළුවලට විසදුම් සෙවීමට කාලය හා බුද්ධීය වැය කිරීමයි.
මෙවන් සමාජ පසුබිමක එවැනි මිත්‍යා ගැටළු හා ඒවාට ලබාගන්නට උත්සාහ කරන විසදුම් පිලිබදව නොයෙක් අවස්ථාවල යහමඟ අඩවිය ද කරුණූ ගෙනහැර දක්වමින් ලිපි ගණනාවක්ම සාකච්චා කොට ඇත. මෙහිදී ද එවැනි ලිපියක් සාකච්චා කිරීමට අදහස් නොකරන අතර ඒ වෙනුවට එනම් සමස්ථ සමාජය පදනම් කරගත් කාරණයක් පිලිබදව කථා කරනවා වෙනුවට පවුල් ඒකකයක් පදනම් කරගත් ඉස්ලාම් පෙන්වාදෙන අසමසම ආදර්ශයක් පිලිබදව කථා කිරීමට අදහස් කරමි. එය පවුල් ඒකකයකට පදනම් වූ කාරණයක් ලෙස මෙහිදී මා සැලකුවද වක්‍ර ආකාරයකින් එය සමස්ථ සමාජයටම බලපාන පොදු මාතෘකාවකි. ඒ ‘දේපල බෙදීම සම්බන්ධයෙන් මුස්ලීම්වරයෙකු අනුගමනය කලයුතු ක්‍රමවේදය හා එහිදී අනුගමනය නොකලයුතු ක්‍රමවේදයන් කුමක්ද?’ යන්නයි. ‘ඉස්ලාම් දිව්‍යමය මඟපෙන්වීම පදනම් කරගත් අසමසම ජීවන සැලැස්මක්’ යන්න යහමඟපුලපුලා පවසන කාරණයකි. එය තහවුරු කිරීම සදහා විවිධ මාතෘකා ඔස්සේ ලිපි ගණනාවක්ම මෙම අඩවිය තුල ඉදිරිපත් කොට ද ඇත. අද දවසේත් එවැනිම කාරණයක් පිලිබදව ඉස්ලාමීය ආදර්ශය සාකච්චා කිරීමට අදහස් කරන්නේ එය මේ සංකීර්ණ සමාජය තුල මුස්ලීම් නොවන ප්‍රජාව අතර පමණක් නොව මුස්ලීම් ප්‍රජාව අතරත් විශේෂයෙන් දරුවන් හා මාපියන් අතර, සහෝදර සහෝදරියන් අතර, සංකීර්ණ හා ගැටුම්කාරී තත්වයන් නිර්මාණය කිරීමට තරම් ප්‍රබලහා ජනප්‍රිය විෂයක් වී ඇති නිසාය.
වර්ථමාන බුද්ධිමත් සමාජයේ මාපියන් මඟින් දරුවන් හෝ ඥාතීන් හට දේපල බෙදීයාමේදී ඇති වන ගැටළු හා ඒ තුල ඇති වූ පවුල් අවුල් පිලිබදව පිටු ගණන් ලිවිය හැක. අප රටේ සතිඅන්ත පුවත්පතක් ගෙන බැලුවේ නම් මේ සදහා නිදසුන් ඕනෑ තරම්ය. එපමණක් නොව අද රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මහළු නිවාස තුලින් ද කියාපාන්නේ මෙම අවුලේ නොයෙක් පැතිකඩයන්ය. එවන් වූ උණූසුම් හා බැරෑරුම් විෂයක් පිලිබදව ඉස්ලාම් දහම මිනිස් සමාජයට යෝජනා කරන විසදුම් ඉතා ආදර්ශවත්ය. එය මීට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල ඉස්ලාමීය දේපල බෙදීමේ නීති යන ලිපිය තුලින් ඔබට අවබෝධ කරගත හැක. එම ලිපිය තුල පවා මා සරලව සදහන් කල කොන්දේසිගත කාරණයක් ඇත. ඒ මරණාසන්න මොහොතේ කරන ප්‍රකාශය හෙවත් ‘අවසාන කැමැත්ත’ පිලිබදවයි. මෙය ඉස්ලාම් ‘වසීයත්’ යනුවෙන් හදුන්වන අතර එම විෂය ද ඉස්ලාම් දීර්ඝ ලෙස කථා කරන්නේ මෙය ප්‍රායෝගික දහමක් යන්න මනාව කියාපාමිනි. මෙම විෂය තුල මනුෂ්‍යා ක්‍රියා කලයුතු හා අනුගමනය කලයුතු නිවරුදි ක්‍රමවේදය ඉස්ලාම් මිනිස් සමාජයට යෝජනා කරන්නේ ලොව සෑම දහමකටම, දර්ශනයකටම අභියෝගාත්මක ලෙසය. ඒ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන විමසා බලන්නේ නම්,

ඉස්ලාම් හි මූලික පදනම විශ්වාසයයි

අද අන්තර්ජාලය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් සොයා බලන විට බොහො‍් විට දක්නට ලැබෙන්නේ ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පවා විකෘති ‍කරමින් ඉස්ලාම් යයි දේශනා කරන වැදි බණ සම්ප්‍රදායකි. ඉස්ලාම් විරෝධීන්ගේ මෙම සම්ප්‍රදායට ජාත්‍යන්තරය තුල දීර්ඝ ඉතිහාසයක් පැවතුනද අප රටේ එවැනි සම්ප්‍රදායක් මෑතක් වන තුරු දක්නට නොවුණි. නමුත් කවදත් ජාත්‍යන්තරය පූර්වාදර්ශයට ගන්නා අපේ නූතන වාදී ඔස්තාර්ලා ඉස්ලාම් දහමට එරෙහිව සමාජ මතවාදයක් ගොඩනැඟීම පිණිස ඉහත ජාත්‍යන්තර ඉස්ලාම් විවේචකයන්ගේ වාද හා තර්ක අද වනවිට තම නිපැයුම් හා සොයා ගැනීමන් ලෙස සමාජගත කරමින් සමාජ මතවාදයන් නිර්මාණය කරමින් සිටී. බුද්ධිමත් තර්ක විතර්ක පදනම් කරගෙන ඉස්ලාම් දහමට එරෙහිව මතවාදයන් ඉදිරිපත් කිරීම කිසිවිටෙක ප්‍රතික්ෂේප කරන දහමක් ඉස්ලාම් නොවේ. ඉස්ලාම්, ඒ සදහා මිනිස් සමාජයට අභියෝග කරන දහමකි. කෙසේ නමුත් පොදුවේ ඕනෑම වාදයක් චෝදනාවක් කිසියම් මතවාදයකට එරෙහිව ඉදිරිපත් කිරීමේ දී ඒ සදහා තිබිය යුතු මූලික අවශ්‍යතා කිහිපයක් ඇත. එහි ප්‍රධානතම අවශ්‍යතාවය නම් තමන් ඉදිරිපත් කරන විෂය පිලිබදව තමන් තුල ඇති දැනුමයි. අද ඉස්ලාම් දහම විවේචනය කරමින් කරුණූ දක්වන පිරිසගේ තර්ක හා අභියෝග දෙස බලන විට එය මුස්ලීම්වරුන් වන අපට විනෝදජනකය. මෙවැනි හාස්‍යජනක වාදයන් පදනම් කරගෙන ඔවුන් සදහා කරුණූ පැහැදිලි කිරීමේ ලිපි ගණනාවක් ම මෙම අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කර ඇත. නිදසුනක් ලෙස පවසනවා නම් ‘අල්ප දැනුමේ අදෝනාව‘ එවැනි එක් ලිපියකි. කෙසේ වෙතත් ඉස්ලාම් දහමේ මූලික ඉ‍ගෙන්වීමන් පවා නොදැන මෙලෙස පාළුගෙදර වලං බිඳින විවේචකයන්ගේ අවධානයට ඉස්ලාමීය මූලික පදනම කුමක්ද? යන්න පිලිබදව මෙහිදී සාක්ච්චා කිරීමට අදහස් කරමි.
ඉස්ලාමීය මූලික පදනම් කුමක්ද? යන්න මීට ඉහත මෙම අඩවිය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?‘ යන මාතෘකාව ඔස්සේ තරමක් දුරකට සාකච්චා කොට ඇත. තවදුරටත් ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පිලිබදව කථා කිරීමේ දී එය ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ කථා කලයුතුව ඇත. එනම්, ‘ඊමාන්’ යනු කුමක්ද? හා ‘ඉස්ලාම්’ යනු කුමක්ද? යනාදී වශයෙනි. මුස්ලීම් නොවන සහෝදරයන් හට මෙහිදී ගැටළුවක් ඇතිවිය හැක. එනම් ‘ඉස්ලාම් යනු කුමක්ද? යන්න පිලිබදව කථා කිරීම සම්බන්ධයෙන් නම් අපට අවබෝධයක් ඇත. නමුත් ඊමාන් යනු කුමක්ද? යන්න තුලින් අදහස් කරන්නේ කුමක්ද?’ යන ඔවුන්ගේ ගැටළුවයි. මෙය සමහරක් මුස්ලීම්වරුන්ට පවා ඇති ගැටළුවකි. මේ හේතුව නිසා ප්‍රථමයෙන් මේ ‘ඉස්ලාම්’ හා ‘ඊමාන්’ යන යනු කුමක්ද? යන්න ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන විමසා බලන්නේ නම්,

නූතන ලෝකයට එදා මුස්ලිම් වරුන්ගේ දායකත්වය

අද වනවිට ලෝකය පුරා ප්‍රබල ලෙස මුල්බැස ඇති මතවාදයක් නම් “නූතන ලෝකයේ නව සොයාගැනීම් වලටත්, විද්‍යාවේ පුනරුදයටත් පූර්ණ දායකත්වය ලබාදුන්නේ බටහිර ජාතීන්” යන්නයි. මේ සදහා විවිධ වූ තර්ක විතර්ක පවා විවිධ අවස්ථාවන් හි ඉදිරිපත් වනවා අප දකින්නෙමු. සැබැවින්ම වර්ථමාන ලෝකය දෙස විමසුම් ඇසින් බැලුවේ නම් එම කාරණය පැහැදිලිව දක්නට ද ඇත. වෛද්‍ය ක්ෂේත්‍රය, තාක්ෂණික ක්ෂේත්‍රය, පරිගණක ක්ෂේත්‍රය, ඉන්ජිනේරු ක්ෂේත්‍රය… යනාදී ඕනෑම ක්ෂේත්‍රයක් සැලකූවිට එහි ඉදිරියෙන් සිටින්නේ බටහිරවාදීන්ය. ඒ අනුව ඉහත මතවාදය තුල කිසියම් දුරකට සාධාරණයක් පවතිනවා යන්නෙහි විවාදයක් නැත.
මෙසේ සමස්ථ ලෝකයේ ගෞරවය තමා වෙත ආකර්ශණය කරගන්නා බටහිරවාදීන් එම අවස්ථාව පලිහක් කරගෙන මුස්ලිම් ප්‍රජාව වෙත “මුස්ලිම්වරු නූතන ලෝකයේ දියුණුවට කිසිඳු ආකාරයකින් දායක නොවූ ජාතියක්” යන චෝදනාව ගොඩනඟමින් ඔවුන් කෙරෙහි වැරදි මතවාදයන් සමාජය තුල ගොඩනඟමින් සිටී. ඔවුන්ගේ දෝෂාරෝපණය හා වැරදි මතවාදය සාධාරණීකරන ආකාරයේ වූ සමහරක් ක්‍රියාවන් හි අද මුස්ලිම්වරුන් පවා නිරත වී සිටිනවා යන්න ද මෙහි සදහන් කලයුතු තිත්ත වූ ඇත්තකි. මේ පිලිබදව යහමඟ අඩවිය තුල මුස්ලිම් සමාජයේ අවධානයට ලිපි ගණනාවක් ඉදිරිපක් කර ඇති අතර මුස්ලිම්වරුනි!, ඔබ කොයිබටද? යන්න එවැනි එක් ලිපියකි. එය කෙසේ වෙතත් බටහිරවාදීන් හා ඔවුනට කඩේ යන අපේ ජාතීවාදීන්ගේ අවධානයට මෙන්ම බුද්ධීමත් පාඨක ඔබේ අවධානයට “ඇත්තෙන්ම මුස්ලිම්වරුන්ගෙන් ලෝකයාට කිසිදු සේවාවක් ඉටුවී නැද්ද?” යන කාරණය මොහොතක් විමසා බලමු.

පාඨක අවධානයට

යහමඟ පැරණි අඩවියේ පැවතී ලිපි කිහිපයක් අතපසුවීමකින් නව අඩවියට ආරම්භයේ එක් නොවී පැවතී නිසා එම ලිපි මේ දිනයන් හි මෙම අඩවියට එක් කිරීමන් සිදුවේ. මේ හේතුව නිසා මෙම අඩවිය තුල පලවූ නවතම ලිපි ඔබට පහසුවෙන් නැරඹීමේ හැකියාව අහිමි වනු ඇත. නමුත් ඔබට වඩාත් හොද සේවාවක් ලබාදීම පිණිස මෙම කටයුත්ත අනිවාර්‍ය අවශ්‍යතාවයක් වී ඇති බැවින් එහි ඔබට සිදුවන තාවකාලික අපහසුතාවයන් පිලිබදව කණගාටුව ප්‍රකාශ කර සිටිමි.
අබූ අර්ශද්

ආගමික මතවාදයන් ගරු කිරීම

පෙබරවාරි 19th, 2012-අ |  | අ+Comments off
බහු ආගමික රටක් වන වර්ථමාන ශ්‍රී ලාංකීය සමාජයේ විවිධ වූ ආගමික මතවාදී ගැටුම් පවතිනවා යන්න ප්‍රසිද්ධ රහසකි. ඒ අතුරින් එක් ප්‍රධාන මතවාදී ගැටුමක් ලෙස ආගමික ඇදහිලි හා පරිභෝජන අවශ්‍යතා සදහා සිදු කරන සත්ව ඝාතනයට එරෙහිව මතු කරන විවිධ වූ වාදවිවාද, චෝදනා, අපහසයන්, උද්ඝෝෂණයන්, මාධ්‍ය සාකච්චාවන්, වාර්තාමය වැඩසටහන්… යනාදිය සදහන් කල හැක. විශේෂයෙන් බහුතර බෞද්ධ ජනතාවක් ජීවත් වන අප රටේ එම පිරිස් අතර පවතින සම්ප්‍රදායක විශ්වාසයක් වන “මාංශ අනුභවය අකැපයි” යන විශ්වාසයට පරස්පර වූ මත දරන එනම් “මාංශ අනුභව කිරීමෙහි වරදක් නැත” යන පදනමේ කටයුතු කරන, විශේෂයෙන් ඉස්ලාම්, ක්‍රිස්තු හා සමහරක් හින්දූ ආගමිකයන් ඉහත පලමු පාර්ශවයේ දරුණු විවේචනයන්ට හා අපවාදයන්ට ලක්වේ. මෙය වර්ථමානයේ ශ්‍රී ලාංකීය සුළු ආගමික ප්‍රජාව මුහුණ දෙන අවාසනාවන්ත ඉරණමකි. විශේෂයෙන් මාංශ අනුභවය අනුමත කරන ඉස්ලාම් භක්තිකයන් ශ්‍රී ලංකාව තුල මුහුණදෙන සුලබ හා සුපුරුදු අවාසනාවන්ත තත්වයකි. මේ නිසාම ‍මෙම විෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය පැහැදිලි කරන ගමන් මෙම විෂය පිලිබදව පුළුල් ගවේශණයක් මෙම යහමඟ අඩවිය හරහා සත්ව හිංසාව ඝාතනය හා ඉස්ලාම් යන මාතෘකාව ඔස්සේ මීට පෙර කථා කලෙමු. මේ කරුණූ පැහැදිලි කලද දිගින් දිගටම ශ්‍රී ලාංකීය අන්තවාදී සමහරක් බෞද්ධ පිරිස් හා සංවිධාන ලාංකීය අනිකුත් දහමන් හා එහි මතවාදයන් කෙරෙහි තිබෙන නොසතුට ඉහත කාරණය මූලික කරගෙන රඟ දක්වයි. ඒ සදහා ඔවුන් සිදුකරන විවිධ වාර්තාමය මාධ්‍ය වැඩසටහන් සහ මාධ්‍ය සාකච්චාවන් හොදම නිදසුනක් වේ. එසේම මෑතක සිට සුළු ආගමික විශ්වාසයන්ට හා ඇදහිලිවලට එරෙහිව සිදුකරනු ලබන උද්ඝෝෂණ හා ජනතා රැලි මෙම තත්වය වඩ වඩාත් තහවුරු කරයි. මෙහි තවත් එක් රඟ දැක්මක් තමා 2010.08.25 දින හලාවත “මුන්නේස්වරම්” හින්දු කොවිල අසල දී සිදුවන සත්ව ඝාතනයට එරෙහිව ජාතික සංඝ සභාව හා ජාතික හෙළ උරුමය දේශපාලන පක්ෂ එක්ව කල විරෝධතා රැලිය. මෙය ස්වර්ණවාහිණී නාලිකාවෙන් Live@8 ප්‍රවෘත්තිය තුලින් 2010.08.25 දින විකාශය වූ අතර (එම වීඩියෝ දර්ශණය පහත දැක්වේ) මෙම වර්ථමාන ප්‍රවණතාවය පිලිබදව කෙටි අදහස් කිහිපයක් පවසන්නට මා අදහස් කරමි.

ඉස්ලාමයට එරෙහිව මෙහෙමත් චොදනා

ඉස්ලාම් දහමටත්, මුහම්මද් (සල්) තුමාණන්ටත් සමස්ථ මූස්ලීම් ප්‍රජාවටත් නිරන්තරයෙන් එල්ල වන චෝදනාවක් තමා ඉස්ලාම් යුධමය ක්‍රියාවන් අවධාරනය කරනවා යන්නත් මුස්ලීම්වරුන් ආගමේ නාමයෙන් ත්‍රස්ථවාදය අනුමත කරනවා යන්නත්ය. මෙය ජාත්‍යන්තරයෙත් ජාතිකතලයේත් විවිධ ආකාරයට විවිධ මුහුණුවරයන්ගෙන් නිරන්තරයෙන් ප්‍රකාශ වේ. මේවා තුලින් සිදුවන්නේ ජාතීන් අතර විරසකයන් නිර්මාණය වීම පමණි. එවන් කරුණු පිලිබදව සෑම මොහොතකම අවධියෙන් සිටින යහමඟ මේ පිලිබදව අභියෝගත්මක කරුණූ කිහිපයක් පවසන්නට අදහස් කරමි. ඊට ප්‍රථම මෑත කාලයේ ජාත්‍යන්තරයේ හා ජාතිකතලයේ ඉස්ලාමයට එරෙහිව එල්ල කල චෝදනාවන් කිහිපයක් ඔබේ අවධානයට යොමු කලේ නම්,
ජාත්‍යන්තරය තුල
  • වර්ථමාන බෙනඩික් පාප්වහන්සේ තම දුරය භාරගෙන් කල ප්‍රකාශය. එනම්, “ඉස්ලාම් දහම මුහම්මද් තුමා ලොව පුරා පැතිරවුයේ කඩුවෙනි” යනුවෙන් කල ප‍්‍රකාශය.
  • මුහම්මද් (සල්) තුමාණන්ට යුධවාදී ස්වරූපයක් දෙමින් ඩෙන්මාක් රටේ මාධ්‍යයක් ජාත්‍යන්තරයට නිකුත්කල කාටූන් චිත්‍ර

සලාත් හෙවත් වන්දනය

සලාතයට ආදර්ශය වන්නේ නබි (සල්) තුමාණන්ය.
එකම ගමක එකම දේවස්ථනයක සලාතය ඉටුකරන කිහිපදෙනෙක් ගැන අවධානය කළහොත් කෙනෙකුගේ සලාතයත් තවත් කෙනෙකුගේ සලාතයත් අතර විශාල වෙනසක් දැකිය හැක. නබි (සල්) තුමාණන් පෙන්වා දුන් ආකාරය ගැන නොදැනුවත් කම මෙයට හේතුවයි. බුහාරි ග‍්‍රන්ථයේ 631 වන හදීසයේ මෙසේ සඳහන් වේ. “මම සලාතය ඉටුකිරීම ඔබ දුටුවේ කෙසේද එසේම ඔබත් සලාතය ඉටුකරන්න” යැයි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව මෙම සලාතය පිලිබදව විමසා බලන විට එය ප්‍රධාන කරුණූ කිහිපයක් ඔස්සේ අවධානය යොමු කිරීමට සිදුවේ. එනම්,
  • වුඵෑ නැමැති දෝවනය
  • අනිවාර්ය ස්නානය
  • තයමුම්
  • සලාතය සඳහා සුදුසු වස්ත‍්‍රය
  • අදාන්
  • ඉකාමත්
  • ක:බාවේ දිශාවට හැරී සලාතය ඉටුකිරීම
  • සලාතය ඉටුකළ යුතු ආකාරය

සොහොන් වන්දනය හා මුස්ලිම් සමාජය

මීට සති කිහිපයකට පෙර යහමඟ අඩවිය තුල සාකච්චා කෙරුණු මාතෘකාවක් වන පිලිම හා සොහොන් වන්දනය පිලිබදව ඉස්ලාමීය විමසුම යන ලිපිය තුල මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් යහමඟ පාඨකයෙකු විසින් ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර තිබුණි. එය මෙසේය…
ප්‍රශ්නය -
අපි කබර් එකක් ළඟ දුආ කරන්නේ නැහැ අනික නබිතුමා කබර් කඩන්න නෙමෙයි කිව්වේ, අලංකාර කරන්න. මුහම්මද් නබි තුමාගේ කබර් එකත් තියෙන්නේ පල්ලියේ ඇතුලේ. අනික මියගිය අය අසනවා කියල හදීස් තියෙනවනේ, අනික කුරානයේ 18-21 හි නබිවරුන්ගේ කබර් උඩ පල්ලි බැන්ද බවට? ඉතින් ඔබගේ ලිපිය වැරදි නේද?
යහමඟ පාඨකයෙකු විසින් මතුකල මෙම ප්‍රශ්න මාලාව ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයේ අඩු වැඩි වශයෙන් නිතර නිතර කථාබහට ලක්වන කාරණයකි. මේ හේතුව නිසා එම කරුණු මෙන්ම එවැනි තවත් කරුණූ ද පදනම් කරගෙන ඒ එකින් එක පහත ආකාරයට විමසා බැලීමට අදහස් කරමි. එහිදී යහමඟ පාඨක පිරිසගෙන් ඉතා කාරුණික ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමි. ඒ මෙම ලිපිය සම්පූර්ණයෙන් සංවාදයට විවෘත ලිපියකි. මෙහි ඉදිරිපත් කරන කරුණු අභියෝගයට ලක්කල හැක (යහමඟ අඩවිය තුල ඇති සෑම ලිපියක් සදහාම මෙය විවෘතය). එසේම මෙහි සදහන් කරුණූ පටු රාමු තුල කොටු නොවී විවෘත මනසින් තර්කානූකූලව හා බුද්ධිමත් ලෙස විමසා බලන්න යන්න ඒ ඉල්ලිමයි.

උපවාසය ගැන කතා කරන්නේ ඉස්ලාම් පමණක්ද?

උපවාසය, නම ඇසු පමණින් ඔබගේ සිතට බෝහෝ දේ සිහිවනු ඇත. පසුගිය දිනවල ශ්‍රී ලාංකීය අපට උණුසුම් පුවතක් බවට පත්ව තිබුනේ මේ උපවාසයයි. අද මා මෙම යහමඟ අඩවිය හරහා කථා කරන්නේ ඒ දේශපාලකයන්, දේශපාලන ක්ෂේත්‍රයේ කරන උපවාසය පිලිබදව නොව වාර්ෂිකව කිසිදු ඉල්ලීමක් පෙරදැරි නොකර අල්ලාහ් (දෙවියන්) වෙනුවෙන් පමණක් ඉස්ලාම් භක්තිකයන් මාසයක් පූරාවට ඉටුකරන උපවාසය පිලිබදවයි. දිනකට නියමිත කාල සීමාවක් ආහාර ගැනීමෙන් හා ජලය පානය කිරීමෙන් වැලකී ඉටුකරන මෙම උපවාසයට දීර්ඝ වූ ඉතිහාසයක් ඇත.
මීට වසර 1440 කට පමණ පෙර විසූ සමාජයක් මධ්‍යයේ මුහම්මද් (සල්) තුමාණන් මගින් වර්ථමාන ඉස්ලාම් දහම හා එයතුල උපවාසය ප්‍රකාශයට පත්වුවද ඊටත් වඩා දීර්ඝ ඉතිහාසයක් මෙම උපවාසයට ඇත. මෙය අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 2-183 වාක්‍යය මගින් ද මෙසේ අවධාරනය කරයි.
“විශ්වාසවන්තයනි (මුස්ලීම්වරුනි) !, නුඹලාට පෙර විසූ ජන (සමාජය)ට අනිවාර්ය කලාසේම, නුඹලාටත් උපවාසය රැකීම අනිවාර්ය කර ඇත. ඒ එය තුලින් නුඹාලා (අල්ලාහ් (දෙවියන්ට)) බියබැතියන් වනු පිණිසය.”
ඉහත කුර්ආන් වාක්‍ය යෙන් අල්ලාහ් (දෙවියන්) පැහැදිලිවම මෙය අතීතයේත් පැවතී ආගමික කටයුත්තක් යන්න පැහැදිලිවම සදහන් කරයි. මෙහිදී එම උපවාස ක්‍රමය වර්ථමාන මුස්ලීම් සමාජයේ පවතින උපවාස ක්‍රමයෙ මෙන්ම පැවතියා යන්න පැවසිය නොහැක. එසේ නොවේ යයි ද පැවසිය නොහැක. මන්ද අතීත එම සමාජවලත් උපවාස ක්‍රමයක් පැවතුනා යන්නට ශුද්ධ වූ කුර්ආනයේ 2-183 වාක්‍ය සාක්ෂි දැරුවද, එය මෙම උපවාස ක්‍රමයම යන්නට හෝ එසේ නොවේ යන්නට පැහැදිලි සාක්ෂි නොමැත. එයට ප්‍රධාන හේතුව වන්නේ එම සමාජවලට පහල වූ දේව අනපනත් නිසි ලෙස ආරක්ෂා නොවී පැවතීමයි. ඒ අනුව එම සමාජවල පැවතී උපවාසයන් පිලිබදව අනුමානයන් පමණක් සිදුකල හැකි අතර එය වර්ථමාන මුස්ලීම් සමාජය උපවාසය රැකීමට අත්‍ය අවශ්‍ය කාරණයක්ද නොවේ. එනමුත් මුස්ලීම් නොවන ප්‍රජාව සුපුරුදු පරිධි මුස්ලීම්වරුන් මාසයක් පුරාවට ඉටුකරන මෙම උපවාසයට ද විවිධ අපහසයන්, චෝදනාවන් හා විවේචනයන් ඉදිරිපත් කරයි. මේ හේතුව නිසා මෙම කාරණය පිලිබදව තරමක පුළුල් ගවේශනයක් කිසිදු කිරීම කාලීන යයි සිතේ. කවදත් ලාංකීය සමාජය පදනම් කරගෙන සාකච්ඡාවන් ගොඩනඟන  යහමඟ අඩවිය තුලින් මෙම කාරනය වෙතද අවධානය යොමු කලේ නම්, වර්ථමාන ලාංකීය සමාජයේ ඉස්ලාම් දහම හැරුණු කල විවිධ ආගම්, ඇදහිලි හා විශ්වාසයන් තුල ද උපවාසයන් ක්‍රියාත්මක වේ. ඉන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

උපවාසය කවුරුන් සදහාද?

ඉස්ලාම්, මුස්ලීම් ජනතාව සදහා අන කරන උපවාසය දකින සමහරක් මුස්ලීම් නොවන ජනතාව ඉස්ලාම් දහම කෙරෙහි වැරදි අවබෝධයක් ඇති කරගන්නා ට හේතූ වී ඇත. ඉස්ලාමීය ඉගෙන්වීම් පිලිබදව නිසි අවබෝධයක් නැති ඔවුන් සිතන්නේ මෙම උපවාසය කුඩා දරැවන්, වයෝවෘද්ධ පිරිස්, රෝගීන්… යනාදී සියළු දෙන අනිවාර්‍ය කරමින් ඔවුන් විවිධ වූ අපහසුතාවයන්ට පත්කරන බවයි. මේ හේතුව නිසා මෙම කාරණය පිලිබදව ලාංකීය සමාජය දැනුවත් කිරීමේ අනිවාර්‍ය වගකීමක් ලාංකීය මුස්ලීම් ප්‍රජාවට ඇත. ඒ අනුව මෙම යහමඟ අඩවිය හරහා ඉහත කාරණය පිලිබදව කෙටි අවධානයක් යොමු කිරීමට මා අදහස් කරමි.
ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව නිසි අවබෝධයකින් තොරව ඉස්ලාමයට එරෙහිව විවිධ චෝදනාවන් ගොඩනැගීම යන්න ජාතිකතලයෙත් ජාත්‍යන්තරයේත් නිරන්තරයෙන් දකින කාරණයකි. එවැනි චූදිතයන් ඉස්ලාමයට එරෙහිව යොදාගන්නා එක් චෝදනාවක් තමා මේ “උපවාසය”. මේ හේතුව නිසා මෙම උපවාසය පිලිබදව ඉස්ලාමීය නිවරැදි ඉගෙන්වීම කුමක්ද?. යන්න දැන් අවධානය යොමු කරමු.
මා මීට පෙර උපවාසය සම්බන්ධයෙන් විවිධ පැතිකඩ ඔස්සේ කථා කලෙමි. එනම්,

No comments:

Post a Comment