Saturday, March 31, 2012
සියලුම ශ්‍රී ලාංකිකයන් වෙතින් කෙරෙන ආයාචනයයි: මේ ඡායාරූප හැකි පමන ශෙයාර් කරන්න .ලෝකෙට ඇත්ත තත්වේ කියන්නත් අපේ සාමාජිකයන් ගණන වැඩි කරගෙන චැනල් 4 නාලිකාවට එරෙහිව ගොඩක් ශක්තිමත් වෙන්නත් පුලුවන් එතකොටයි.ලයික් කිරීමෙන් වැඩක් නැත. UN,What about this??? Channel 4 දෙබිඩි පිලිවෙත!! Please Share This As Much As You Can ශ්‍රී ලාංකිකයෙක් නම් SHARE කරල සහයෝගය දක්වන්න අමතක කරන්න එපා!!
සියලුම ශ්‍රී ලාංකිකයන් වෙතින් කෙරෙන ආයාචනයයි: මේ ඡායාරූප හැකි පමන ශෙයාර් කරන්න .ලෝකෙට ඇත්ත තත්වේ කියන්නත් අපේ සාමාජිකයන් ගණන වැඩි කරගෙන චැනල් 4 නාලිකාවට එරෙහිව ගොඩක් ශක්තිමත් වෙන්නත් පුලුවන් එතකොටයි.ලයික් කිරීමෙන් වැඩක් නැත.
UN,What about this??? Channel 4 දෙබිඩි පිලිවෙත!!
Please Share This As Much As You Can
ශ්‍රී ලාංකිකයෙක් නම් SHARE කරල සහයෝගය දක්වන්න අමතක කරන්න එපා!!
UN,What about this??? Channel 4 දෙබිඩි පිලිවෙත!!
Please Share This As Much As You Can
ශ්‍රී ලාංකිකයෙක් නම් SHARE කරල සහයෝගය දක්වන්න අමතක කරන්න එපා!!
Thursday, March 29, 2012
ඉස්ලාමිය ආර්ථක ක්‍රමයක අවශ්‍යතාවය
ඉස්ලාමිය ආර්ථක ක්‍රමයක අවශ්‍යතාවය
ශත වර්ෂ දෙකක් අර්තකය මෙහෙයවූ ධනවාදය අද බිද වැටෙමින් තිබේ.පොලිය පදනම් කර ගත් නිබධි අර්තක ක්‍රමයේ අයහපත් ප්‍රතිපල ලොවට දැනෙන්නට පටන් ගෙන තිබේ.ස්වයන් පෝෂිත අර්තක රටාවක් පවතී ශ්‍රී ලංකාවට යුරොපියන්ගේ පැමිණීම නිසා අහිමි වූ දේවල් අතර ස්වදේශ අර්ථක ක්‍රමයද වැදගත් තැනක් ගනී.යෝජනා දිරි ගැන්වීම යටතේ බහු ජාතික සමාගම් වල ආගමනය නිසා අර්ථක රටාවේ කෘතීමබාවයක් ඇති වුනි.දේශීය නිෂ්පාදන බිදවටිමටත් නව නිපැවුම් එලි දැක වීමටත් බාධකයක් වී ඇත්තේ බහු ජාතික සමාගම් වල තරගකාරිත්වය නිසාය.
අරාබි ලෝකයේ ඇති වූ මහජන නැගීම හේතු කොටගෙන බටහිර ද යම් වෙනස්කම් සිදුවෙමින් පවතී.විශේෂයෙන් නිව්යෝක් නගරයේ වෝල් විදියේ ආරම්භ වී ඇති උද්ගෝෂණය ධනවාදී අර්ථක ක්‍රමය පිළිබද නැවත සිත බැලීමකට යොමු කරයි.වසර කිහිපයක සිට යුරෝපයේ ඇති වූ අර්ථක අවපාතයට ප්‍රධාන හේතුව පොලි සහිත අර්ථක ක්‍රම බව හෙළි වී තිබේ.බැංකු සහ මුල්‍යතන ලබා දුන් ණය මුදල් පොලි සමග ආපසු ගෙවීමට අපොහසත් වූ දහස් සංඛ්‍යාත ණයකරුවන් නිසා බැංකු කඩා වැටීම ආරම්භ විය.නිවාස හා ගොඩනැගිලි ව්‍යාපෘති වල නිරත වුවන්ගේ අදායම අඩු වී ඔවුන්ට ලැබිය යුතු ණය වාරික නොලැබෙන තත්වය තුල එම සමාගම් බිද වැටෙන්නට පටන් ගත්තේය.ඇමෙරිකාවේ ධනවාදී අර්ථකය සැකසී ඇත්තේ ඇති හැකි ය තවත් පොහොසත් කිරීමේ අරමුණින්ය.භාණ්ඩ වල මිල අඩුවීම වැලැක්වීම සදහා නිෂ්පාදිත ආහාර වර්ග මුහුදට හැලීමේ ක්‍රමය එයට හොදම සාධකයකි.මාක්ස්වාදී න්‍යාය ක්‍රියාත්මක කිරීමේ අරමුනුන් 1917 වර්ෂයේ රුසියානු විප්ලවයෙන් ආරම්භ වූ සමාජවාදී රජය හා අර්ථක ක්‍රමයද දශක හයක් හෝ හතක තුල සම්පුර්ණයෙන්ම බිද වැටුනේ තව දුරටත් ලෝකයේ සමාජවාදී අර්ථක න්‍යාය ප්‍රයෝගික නොවන බවට ලොවට පෙන්වමිනි.
යුරෝපයේ අර්ථක වශයෙන් කඩා වැටෙමින් පවතී.ඉතාලිය,ග්‍රීසිය,පෘතුගාලය,අයර්ලන්තය වැනි රටවල් දැනටමත් විශාල අර්බුදයකට පැටලී ඇත.යුරෝපයේ ආධිපත්‍ය බිද වැටෙමින් පවතී.යුරෝපිය රටවල යුරෝ මුදල් ඒකකය අතහැර නැවතත් තම රටේ මුදල් එකක භාවිත කල යුතු බව ජනතාව අවධාරණය කරති.එහෙත් අර්ධ ඉස්ලාමිය ක්‍රමය ක්‍රියාත්මක කරන තුර්කියේ අර්ථකය දිනෙන් දින දියුණුව කරා පැමිණෙමින් සිටි.
යුරෝපයේ අර්ථක වර්ධනයේ වේගවත්ම රට වශයෙන් වර්තමාන තුර්කිය පත්වීමට බලපෑ ප්‍රධාන හේතුව ඔවුන් ක්‍රම ක්‍රමයෙන් පොලි අර්තකයෙන් මිදී ඉස්ලාමිය අර්ථකයට මාරු වීමය.ලෝකයේ බොහෝ ඉස්ලාම් නොවන රටවල් තම ගැටලුවට විසදුම් වශයෙන් ඉස්ලාමිය අර්ථක ක්‍රම යෝජනා කරන තත්වයට පත් වී ඇත.
ශ්‍රී ලංකාවේද පළමු වැනි ඉස්ලාමිය බැංකුව සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.රජයේ හා පුද්ගලික සාම්ප්‍රදායි බැංකුද ඉස්ලාමිය බැංකු ක්‍රමය අත්හද බලමින් සිටි.
ඉස්ලාමිය අර්ථක ක්‍රමය යනු පොලි රහිත බැංකු ක්‍රමය පමණක් නොවේ.එය සැමට සාධාරණය සලසන රටේ අදායම යුක්ති සහගතව හා සාධාරණව බෙදී යන ක්‍රමයකි.විවධ ජිවන ක්‍රම නිසා හෙම්බත් වූ ජනයාට ඉස්ලාමය විකල්පයක් වන සේම බිද වැටෙමින් පවතින ලෝක අර්ථක ක්‍රමයටද විකල්පයක් වන්නේ ඉස්ලාමිය අර්ථකයමය.
සම්ප්‍රදායට එහි ගිය යුගදිවිය – ඉස්ලාමීය විමසුමක්
සම්ප්‍රදායට එහි ගිය යුගදිවිය – ඉස්ලාමීය විමසුමක්
අතීතයේ පටන් මෑත භාගය දක්වා කාන්තාව පිලිබදව පිරිමියා දැරෑ මතවාදයන් විශ්මය ජනකය. ඇය ජීවයක් ඇති කෙනෙකු ලෙස සැලකිය හැකිද? යන්න පිලිබදව පවා විද්වත් වාද විවාද පැවැත්වූ ඉතිහාසය මීට ඉහත ‘ජාත්‍යන්තරය තුල කාන්තාව එදා සහ අද‘ යන ලිපිය තුලින් මෙම අඩවිය තුල සාකච්චා කලා ඔබට මතක ඇතැයි සිතමි. එවන් මිලෙච්ඡ මතවාදයෙන් මීදි නූතන සමාජය පියවර ගණනාවක් ඉදිරියට පැමිණීම සතුටට කරුණක් වුවත්, අදත් බහුතර පිරිසක් තුල ‘ඇය පිරිමින්ගේ කායික අවශ්‍යතාවයන් සපුරාලීම සදහාම මවන ලද මැවීමක්‘ යන පහත් මානසිකත්වය වචනයෙන් නොකීවද හඳවතින් දර ක්‍රියා කිරීම කණගාටුවට කරුණකි. එහිදී ‘විවාහය‘ යන්න ඒ සදහා නීත්‍යානුකූල අවසරයක් යන්න අද බොහෝ දෙනෙකු තුල ඇති පිලිගැනීමයි. ‘විවාහය තුලින් තමා හා යුගදිවියට එළඹෙන ඇය මා වැනිම හිතන පතන විටෙක මට වඩා බුද්ධිමත් ලෙස කටයුතු කරන්න සමත් එසේම මට වගේම හැගීම් දැනීම් ඇති තවත් මා වැනිම ජීවයක්‘ යන්න නූතනයේ ජීවත් වන බොහෝ පිරිමීන් හදවතින්ම පිලිගැනීමට තවම මැලිවන කාරණයකි. මේ හේතුව නිසා මා ඉහතින් සදහන් කලාසේ මෙම විෂය පිරිමි පාර්ශවය මූලික කරගෙන සාකච්චා කිරීම අත්‍යඅවශ්‍ය මෙන්ම කාලීන අවශ්‍යතාවයක් වී ඇත.
ඉස්ලාම් පවසන කර්මය – විමසුමක්
ඉස්ලාම් දහම මූලික ප්‍රතිපත්ති 06 ක් මත ගොඩනැඟී ඇති බව මීට ඉහත මෙම අඩවිය තුල කිහිප අවස්ථාවකම සාකච්චා කොට ඇත. ‘ඉස්ලාම් හි මූලික පදනම විශ්වාසයයි’ යන ලිපිය එයට සමීපතම නිදසුනයි. ඒ අනුව සෑම මුස්ලීම්වරයෙකුම අනිවාර්‍යයෙන් විශ්වාසයෙන් යුතුව පිලිගතයුතු කරණූ 06 ක් ඉස්ලාම් දහම තුල ඇති බව දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. එම කරුණූ 06 අතුරින් කරුණූ කිහිපයක් පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුල අඩු වැඩි වශයෙන් සාකච්චා කොට ඇත. නමුත් එහි මේ දක්වා සාකච්චා නොකල ‘කර්මය පිලිබදව වූ විශ්වාසය’ නම් මාතෘකාවක් පිලිබදව තමා අද දින මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරන්නේ. එය ඉහත කරුණු 06 අතුරින් අවසාන කාරණය ලෙස ඉස්ලාම් පවසයි. සෑම මුස්ලීම්වරයෙකු තුලම පැවතිය යුතු මූලික විශ්වාස 06 අතුරින් අවසාන අංගය ලෙස ඉස්ලාම් පවසන මෙම ‘කර්මය, දෛවය එසේත් නැත්නම් ඉරණම’ යන්න (මෙතැන් පටන් එය මා ‘කර්මය’ යයි හදුන්වමි) ඉස්ලාම් දහම පිලිපදින මුස්ලීම්වරුන්ට පමණක් නොව ලොක්වාසී සියළු දෙනාගේ හිත සුව පිණිස තීරණාත්මක සාධකයක් යන්න මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත.
ෆේස්බුක් තුලින් පුද්ගලිකත්වයට කරන බලපෑම්
නමුත් මෑතක සිට මෙම ෆේස්බුක් අඩවිය තුල ‘හැක්කරුවන්ගෙන්’ ඇති වී තිබෙන බලපෑම නිසා මා ඉහතින් සදහන් සුළු පිරිස පවා මෙම ෆෙස්බුක් සමාජ ජාලයට සමුදී දිනෙන් දින එයින් දුරස්වෙමින් සිටීම කණගාටුදායක තත්වයකි. ෆේස්බුක් අඩවිවල ඇති තොරතුරු විකෘති කිරීමත්, එහි තොරතුරු සොරාගැනීමත්, අනවසරයෙන් ඒ තුලට ඇතුල් වීමත්, අසභ්‍ය පිංතූර හා වීඩියෝ දර්ශණ එයට අනවසරයෙන් එක් කිරීමත්… එවැනි දරුණූ බලපෑම් කිහිපයකි. වර්ථමානයේ මෙම තත්වය ජාත්‍යන්තරය තුල හා ජාතිකතලයේ නිතර දකින්නට හා අසන්නට ලැබේ. මේ පිලිබදව යහමඟ පාඨක ඔබද දැනුවත්ව හා ඒ පිලිබදව අවධීයෙන් සිටීම අත්‍යඅවශ්‍ය කාරණයකි. ඒ අනුව ඔබත් දැනුවත් වීම සදහාත් මෙවැනි තත්වයන්ට මුහුණපෑ පිරිස් ගතයුතු ක්‍රියාමාර්ගය පිලිබදව දැන්වත් වීම සදහාත් අන්තර්ජාලය තුල පලව තිබූ ලිපියක් ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එය මෙසේය…
ලෝක කාත්නා දිනය 101 වරටත් සැමරීම
මෙහි ඉහත අවස්ථා 04න් ‘ආගමික නායකයන්ගේ හා විද්වතුන්ගේ‘ භූමිකාව පිලිබදව වැඩිපුර යමක් පැවසීමට ඇත. වසර ගණනාවක් මුළුල්ලේ යහමඟ අඩවිය ශ්‍රී ලාංකීය සමාජය තුල පවත්වාගෙන යාමෙන් ලද අත්දැකීමක් නම්, මෙම දිනයන් හි සිදුකරන්නේ කාන්තාව සම්බන්ධයෙන් තම දහම හෝ දර්ශනය තුල සදහන් වන්නේ කුමක්ද? යන්න ඉදිරිපත් කරනවා වෙනුවට මේ සම්බන්ධයෙන් අනිකුත් ආගම් වල සදහන් වන්නේ කුමක්ද? යන්න ඉදිරිපත් කිරීමයි. තමන් විවේචනය කරන දහමේ හෝ දර්ශනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කොට එහි කරුණූ පදනම් කරගෙන කිසියම් විවේචනයක් කරන්නේ නම් එහි වරදක් නැත. නමුත් මෙවැනි විවේචන ඉදිරිපත් කරන බහුතරයකට තමන් විවේචනය කරන දහම පිලිබදව පමණක් නොව තමන් පිලිගෙන පිලිපදින දහමේ හෝ දර්ශනයේ කාන්තාව සම්බන්ධයෙන් කුමක් පැවසෙනවාද? යන්න පිලිබදව පවා නිසි වැටහීමක් නොමැති බව ඔවුන්ගේ සංවාද තුල පැහැදිලි වීම කණගාටුවට කරුණකි. මෙහි හාස්‍ය ජනක කාරණය වන්නේ අනිකුත් ආගම් විවේචනය කිරීමේ යටි අරමුණින් සමහරක් පාර්ශවයන් කාන්තා අයිතීන් වෙනුවෙන් හඬක් නඟන බව පුරසාරම් දොඩමින් විරුද්ධ ආගමික මතවාද දරණ පාර්ශවයන්ගේ ‘ඇසේ කෙන්ඳ සොයන්නේ තමන්ගේ ඇසේ ඇති පොල් පරාල‘ පිලිබදව කිසිදු තැකීමක් නොකරය. මේ පිලිබදව යහමඟ අඩවිය කිහිප අවස්ථාවක විවිධ ලිපි ඔස්සේ පාඨක ඔබට කරුණූ දක්වා ඇත. එවැනි ලිපි කිහිපයක් හා කාන්තාව පිලිබදව ඉස්ලාම් කොතරම් දුරකට සැලකිලීමත් වී තිබෙනවාද? ඇයගේ අයිතීන් වෙනුවෙන් ඉස්ලාම් කොතරම් මැදිහත් වී තිබෙනවාද? යන්න පිලිබදව යහමඟ අඩවිය තුල මීට ඉහත සාකච්චා කල ලිපි කිහිපයක් ඔබගේ බුද්ධිමත් විමසුමට නැවත ගෙන එන්නේ නම්,
සැබෑ නූතනයට පියනඟන්න – නූතන මානවයාට ඇරයුමක්
මෙසේ මා පැවසීම ඔබට තරමක් අවුල්සහගත වන්නට පුළුවන. එම නිසා මෙම කාරණය තරමක් සවිස්තරව හා නිදසුන් සහිතව විමසා බැලීම අත්‍යඅවශ්‍ය වේ. එනම්, නූතන මිනිසා යානවාහන හා අනිකුත් නවතම තාක්ෂණික මෙවලම් නිර්මාණය කිරීම මඟින් හා ඒවා භාවිතය සදහා නූතන ක්‍රමවේද භාවිතය අතින් ලබා ඇති ප්‍රගතිය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. ආරම්භ මිනිසාගේ පටන් අද දක්වාම සෑම සමාජයක්ම සිතුවේ තමන් ලඟා කරගෙන ඇත්තේ එම ක්ෂේත්‍රයේ ලඟා කරගත හැකි උපරිම සීමාව එසේත් නැත්නම් නූතනම සීමාව ලෙසයි. නමුත් කාලයත් සමඟ එම නූතනයන් අභිබවා නව නූතනයන් ඉදිරිපත් වීමත් සමඟ එදා පැවති නූතනයන් නොදියුණූ අවධීන් බටත් වර්ථමානය නූතනම යුගය බවටත් පරිවර්ථනය විය. මෙය පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා නිදසුනක් පවසනවා නම්, පරමාණූව සොයාගත් මුල් අවධියේ පදාර්ථයක කුඩාම අංශුව පරමාණූව බවත් එය තවදුරටත් කුඩා කොටස් වලට බෙදිය නොහැකි බවත් තීන්දු කරන ලදී. ඒ අනුව එදා නූතන සොයාගැනීම වුයේ පදාර්ථයේ කුඩාම කොටස පරමාණුව බවයි. නමුත් ඒ නූතන ප්‍රකාශය මුසාවක් බවට පෙරලමින් පරමාණුවද පසු කාලීනව ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා න්‍යුට්ට්‍රෝන ලෙස කුඩා කොටස් වලට බෙදන ලද්දේ එතෙක් පැවතී නූතන මතවාදය වෙනුවට නව මතවාදයක් නූතන මානවයාට දායාද කරමිණි. ඒ තුලින් ද කියාපෑවේ එදා පැවති නූතනය සැබෑ නුතනය නොවන බවත් වර්ථමාන අනාවර්ණය තමා සැබෑ නූතනය වන බවත්ය. මෙය ඉහත නිදසුන පදනම් කරගෙන මා කරුණු පැහැදිලි කලද මෙය සෑම ක්ෂේත්‍රයකම පාහේ දක්නට තිබෙන පොදු තත්වයකි. මේ සියල්ල තුලින් පැහැදිලි වන කාරණය නම් ‘නූතනය‘ යන්න කිසියම් කාල පරාසයකට සීමා වූ එකක් මිස නිත්‍ය කාරණයක් නොවේ යන්නයි. තවත් සරලව පවසනවා නම්, කලින් කලට තීන්දු වන නූතනයන් කාලයට සාපේක්ෂ තාවකාලික සීමාවන් මිස ස්ථීර සීමාවන් නොවේ යන්නයි. කිසියම් කාල පරාසයක ජීවත් වන මිනිස්සුන් තමන් තාක්ෂණයේ උපරිමයට ලඟා වූ බව පවසයි. නමුත් පසුකාලීනව එම තාක්ෂණය අභිබවා තවත් තාක්ෂණයක් ඉදිරිපත් වේ. මෙයට හොද නිදසුනක් ලෙස පරිගණක තාක්ෂණයේ සීඝ්‍ර දියුණුව සදහන් කල හැක. මේ සියල්ල තුලින් පැහැදිලි වන එක් කාරණයක් ඇත. ඒ ලෝක විනාශය දක්වාම නූතන තාක්ෂණය යන්න දිනෙන් දින වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරන ලෝක විනාශ මොහොත දක්වාම යථාර්තයක් නොවන සාපේකෂ කාරණයක් යන්නයි. එසේ නම් නූතන මානවයා පවසනවා සේ ‘මෙය තමා නූතනම යුගය‘ යන්නත්, ‘මෙය දියුණුවේ උපරිම හා අවසාන සීමාවයි‘ යනුවෙන් පැවසීමත් නිවැරදි නිගමනයන් නොවන බව දැන් ඔබට වැටහෙනු ඇත.
මෙම ලිපිය මෙතෙක් කියවාගෙන එන ඔබට යහමඟ මෙවැනි මාතෘකාවක් සාකච්චාට ගැනීම තුලින් කියන්නට උත්සාහ කරන්නේ කුමක්ද? යන කුතුහලය සමහර විට දැනටමත් ඇති වී තිබෙනු ඇත. නූතන යුගයේ ජීවිත් වන බොහෝ පිරිස් ‘අප නූතනවාදීන්, මෙය තමා නූතන යුගය‘ යනාදී වශයෙන් වහසිබස් දොඩමින් එසේම තමන් ජීවත් වන මේ යුගයේ බුද්ධිමත් පිරිසක් වෙසෙන යුගයක් බවත්, ගෙවීගිය යුගයන්ට වඩා මේ යුගය දියුණූ යුගයක් බවත්, කියාපාමින් යම් යම් කරුණූ විවේචනයට හා අභියෝගයට ලක් කිරීම නිතර දක්නට ලැබේ. තවත් සරලව පවසනවා නම්, වර්ථමාන යුගයට සාපේකෂව අතීතයේ විසූ සමාජයන් නොදියුණූ තත්වයක, මිත්‍යාවන් තුල කොටු වී, නිසි අධ්‍යාපනයක් නොලබා, විද්‍යාත්මක පැහැදිලි කිරීමන් නොලබා… ප්‍රථමික යුගයක විසූ බවත්, තමන් දියුණූම යුගයක ජීවත්වන බුද්ධිමත්ම ජන කොට්ඨාශයක් යන්නත්, ඒ අනුව ඔවුන් නොලද සියළු දෑ වර්තමාන අප නොඅඩුව ලැබීම තුල ‘නූතන අප දියුණූ හා බුද්ධිමත්ම පිරිස වෙමු‘ යන්න ඔවුන්ගේ එම තර්කයන් හි හරයයි. මෙවැනි තත්වයක මෙම විෂය බුද්ධිමත් විමසුමකට ලක්කිරීම කාලීන වැදගත්කමක් ඇති කාරණයකි.
අවසාන කැමැත්ත ද දහමට අනූකූල වියයුතුයි.
මෙවන් සමාජ පසුබිමක එවැනි මිත්‍යා ගැටළු හා ඒවාට ලබාගන්නට උත්සාහ කරන විසදුම් පිලිබදව නොයෙක් අවස්ථාවල යහමඟ අඩවිය ද කරුණූ ගෙනහැර දක්වමින් ලිපි ගණනාවක්ම සාකච්චා කොට ඇත. මෙහිදී ද එවැනි ලිපියක් සාකච්චා කිරීමට අදහස් නොකරන අතර ඒ වෙනුවට එනම් සමස්ථ සමාජය පදනම් කරගත් කාරණයක් පිලිබදව කථා කරනවා වෙනුවට පවුල් ඒකකයක් පදනම් කරගත් ඉස්ලාම් පෙන්වාදෙන අසමසම ආදර්ශයක් පිලිබදව කථා කිරීමට අදහස් කරමි. එය පවුල් ඒකකයකට පදනම් වූ කාරණයක් ලෙස මෙහිදී මා සැලකුවද වක්‍ර ආකාරයකින් එය සමස්ථ සමාජයටම බලපාන පොදු මාතෘකාවකි. ඒ ‘දේපල බෙදීම සම්බන්ධයෙන් මුස්ලීම්වරයෙකු අනුගමනය කලයුතු ක්‍රමවේදය හා එහිදී අනුගමනය නොකලයුතු ක්‍රමවේදයන් කුමක්ද?’ යන්නයි. ‘ඉස්ලාම් දිව්‍යමය මඟපෙන්වීම පදනම් කරගත් අසමසම ජීවන සැලැස්මක්’ යන්න යහමඟපුලපුලා පවසන කාරණයකි. එය තහවුරු කිරීම සදහා විවිධ මාතෘකා ඔස්සේ ලිපි ගණනාවක්ම මෙම අඩවිය තුල ඉදිරිපත් කොට ද ඇත. අද දවසේත් එවැනිම කාරණයක් පිලිබදව ඉස්ලාමීය ආදර්ශය සාකච්චා කිරීමට අදහස් කරන්නේ එය මේ සංකීර්ණ සමාජය තුල මුස්ලීම් නොවන ප්‍රජාව අතර පමණක් නොව මුස්ලීම් ප්‍රජාව අතරත් විශේෂයෙන් දරුවන් හා මාපියන් අතර, සහෝදර සහෝදරියන් අතර, සංකීර්ණ හා ගැටුම්කාරී තත්වයන් නිර්මාණය කිරීමට තරම් ප්‍රබලහා ජනප්‍රිය විෂයක් වී ඇති නිසාය.
වර්ථමාන බුද්ධිමත් සමාජයේ මාපියන් මඟින් දරුවන් හෝ ඥාතීන් හට දේපල බෙදීයාමේදී ඇති වන ගැටළු හා ඒ තුල ඇති වූ පවුල් අවුල් පිලිබදව පිටු ගණන් ලිවිය හැක. අප රටේ සතිඅන්ත පුවත්පතක් ගෙන බැලුවේ නම් මේ සදහා නිදසුන් ඕනෑ තරම්ය. එපමණක් නොව අද රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මහළු නිවාස තුලින් ද කියාපාන්නේ මෙම අවුලේ නොයෙක් පැතිකඩයන්ය. එවන් වූ උණූසුම් හා බැරෑරුම් විෂයක් පිලිබදව ඉස්ලාම් දහම මිනිස් සමාජයට යෝජනා කරන විසදුම් ඉතා ආදර්ශවත්ය. එය මීට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල ඉස්ලාමීය දේපල බෙදීමේ නීති යන ලිපිය තුලින් ඔබට අවබෝධ කරගත හැක. එම ලිපිය තුල පවා මා සරලව සදහන් කල කොන්දේසිගත කාරණයක් ඇත. ඒ මරණාසන්න මොහොතේ කරන ප්‍රකාශය හෙවත් ‘අවසාන කැමැත්ත’ පිලිබදවයි. මෙය ඉස්ලාම් ‘වසීයත්’ යනුවෙන් හදුන්වන අතර එම විෂය ද ඉස්ලාම් දීර්ඝ ලෙස කථා කරන්නේ මෙය ප්‍රායෝගික දහමක් යන්න මනාව කියාපාමිනි. මෙම විෂය තුල මනුෂ්‍යා ක්‍රියා කලයුතු හා අනුගමනය කලයුතු නිවරුදි ක්‍රමවේදය ඉස්ලාම් මිනිස් සමාජයට යෝජනා කරන්නේ ලොව සෑම දහමකටම, දර්ශනයකටම අභියෝගාත්මක ලෙසය. ඒ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන විමසා බලන්නේ නම්,
ඉස්ලාම් හි මූලික පදනම විශ්වාසයයි
ඉස්ලාමීය මූලික පදනම් කුමක්ද? යන්න මීට ඉහත මෙම අඩවිය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?‘ යන මාතෘකාව ඔස්සේ තරමක් දුරකට සාකච්චා කොට ඇත. තවදුරටත් ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පිලිබදව කථා කිරීමේ දී එය ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ කථා කලයුතුව ඇත. එනම්, ‘ඊමාන්’ යනු කුමක්ද? හා ‘ඉස්ලාම්’ යනු කුමක්ද? යනාදී වශයෙනි. මුස්ලීම් නොවන සහෝදරයන් හට මෙහිදී ගැටළුවක් ඇතිවිය හැක. එනම් ‘ඉස්ලාම් යනු කුමක්ද? යන්න පිලිබදව කථා කිරීම සම්බන්ධයෙන් නම් අපට අවබෝධයක් ඇත. නමුත් ඊමාන් යනු කුමක්ද? යන්න තුලින් අදහස් කරන්නේ කුමක්ද?’ යන ඔවුන්ගේ ගැටළුවයි. මෙය සමහරක් මුස්ලීම්වරුන්ට පවා ඇති ගැටළුවකි. මේ හේතුව නිසා ප්‍රථමයෙන් මේ ‘ඉස්ලාම්’ හා ‘ඊමාන්’ යන යනු කුමක්ද? යන්න ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන විමසා බලන්නේ නම්,
නූතන ලෝකයට එදා මුස්ලිම් වරුන්ගේ දායකත්වය
මෙසේ සමස්ථ ලෝකයේ ගෞරවය තමා වෙත ආකර්ශණය කරගන්නා බටහිරවාදීන් එම අවස්ථාව පලිහක් කරගෙන මුස්ලිම් ප්‍රජාව වෙත “මුස්ලිම්වරු නූතන ලෝකයේ දියුණුවට කිසිඳු ආකාරයකින් දායක නොවූ ජාතියක්” යන චෝදනාව ගොඩනඟමින් ඔවුන් කෙරෙහි වැරදි මතවාදයන් සමාජය තුල ගොඩනඟමින් සිටී. ඔවුන්ගේ දෝෂාරෝපණය හා වැරදි මතවාදය සාධාරණීකරන ආකාරයේ වූ සමහරක් ක්‍රියාවන් හි අද මුස්ලිම්වරුන් පවා නිරත වී සිටිනවා යන්න ද මෙහි සදහන් කලයුතු තිත්ත වූ ඇත්තකි. මේ පිලිබදව යහමඟ අඩවිය තුල මුස්ලිම් සමාජයේ අවධානයට ලිපි ගණනාවක් ඉදිරිපක් කර ඇති අතර මුස්ලිම්වරුනි!, ඔබ කොයිබටද? යන්න එවැනි එක් ලිපියකි. එය කෙසේ වෙතත් බටහිරවාදීන් හා ඔවුනට කඩේ යන අපේ ජාතීවාදීන්ගේ අවධානයට මෙන්ම බුද්ධීමත් පාඨක ඔබේ අවධානයට “ඇත්තෙන්ම මුස්ලිම්වරුන්ගෙන් ලෝකයාට කිසිදු සේවාවක් ඉටුවී නැද්ද?” යන කාරණය මොහොතක් විමසා බලමු.
පාඨක අවධානයට
අබූ අර්ශද්
ආගමික මතවාදයන් ගරු කිරීම
ඉස්ලාමයට එරෙහිව මෙහෙමත් චොදනා
ජාත්‍යන්තරය තුල
- වර්ථමාන බෙනඩික් පාප්වහන්සේ තම දුරය භාරගෙන් කල ප්‍රකාශය. එනම්, “ඉස්ලාම් දහම මුහම්මද් තුමා ලොව පුරා පැතිරවුයේ කඩුවෙනි” යනුවෙන් කල ප‍්‍රකාශය.
- මුහම්මද් (සල්) තුමාණන්ට යුධවාදී ස්වරූපයක් දෙමින් ඩෙන්මාක් රටේ මාධ්‍යයක් ජාත්‍යන්තරයට නිකුත්කල කාටූන් චිත්‍ර
සලාත් හෙවත් වන්දනය
එකම ගමක එකම දේවස්ථනයක සලාතය ඉටුකරන කිහිපදෙනෙක් ගැන අවධානය කළහොත් කෙනෙකුගේ සලාතයත් තවත් කෙනෙකුගේ සලාතයත් අතර විශාල වෙනසක් දැකිය හැක. නබි (සල්) තුමාණන් පෙන්වා දුන් ආකාරය ගැන නොදැනුවත් කම මෙයට හේතුවයි. බුහාරි ග‍්‍රන්ථයේ 631 වන හදීසයේ මෙසේ සඳහන් වේ. “මම සලාතය ඉටුකිරීම ඔබ දුටුවේ කෙසේද එසේම ඔබත් සලාතය ඉටුකරන්න” යැයි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව මෙම සලාතය පිලිබදව විමසා බලන විට එය ප්‍රධාන කරුණූ කිහිපයක් ඔස්සේ අවධානය යොමු කිරීමට සිදුවේ. එනම්,
- වුඵෑ නැමැති දෝවනය
- අනිවාර්ය ස්නානය
- තයමුම්
- සලාතය සඳහා සුදුසු වස්ත‍්‍රය
- අදාන්
- ඉකාමත්
- ක:බාවේ දිශාවට හැරී සලාතය ඉටුකිරීම
- සලාතය ඉටුකළ යුතු ආකාරය
සොහොන් වන්දනය හා මුස්ලිම් සමාජය
මීට සති කිහිපයකට පෙර යහමඟ අඩවිය තුල සාකච්චා කෙරුණු මාතෘකාවක් වන පිලිම හා සොහොන් වන්දනය පිලිබදව ඉස්ලාමීය විමසුම යන ලිපිය තුල මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් යහමඟ පාඨකයෙකු විසින් ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර තිබුණි. එය මෙසේය…
ප්‍රශ්නය -අපි කබර් එකක් ළඟ දුආ කරන්නේ නැහැ අනික නබිතුමා කබර් කඩන්න නෙමෙයි කිව්වේ, අලංකාර කරන්න. මුහම්මද් නබි තුමාගේ කබර් එකත් තියෙන්නේ පල්ලියේ ඇතුලේ. අනික මියගිය අය අසනවා කියල හදීස් තියෙනවනේ, අනික කුරානයේ 18-21 හි නබිවරුන්ගේ කබර් උඩ පල්ලි බැන්ද බවට? ඉතින් ඔබගේ ලිපිය වැරදි නේද?
යහමඟ පාඨකයෙකු විසින් මතුකල මෙම ප්‍රශ්න මාලාව ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයේ අඩු වැඩි වශයෙන් නිතර නිතර කථාබහට ලක්වන කාරණයකි. මේ හේතුව නිසා එම කරුණු මෙන්ම එවැනි තවත් කරුණූ ද පදනම් කරගෙන ඒ එකින් එක පහත ආකාරයට විමසා බැලීමට අදහස් කරමි. එහිදී යහමඟ පාඨක පිරිසගෙන් ඉතා කාරුණික ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමි. ඒ මෙම ලිපිය සම්පූර්ණයෙන් සංවාදයට විවෘත ලිපියකි. මෙහි ඉදිරිපත් කරන කරුණු අභියෝගයට ලක්කල හැක (යහමඟ අඩවිය තුල ඇති සෑම ලිපියක් සදහාම මෙය විවෘතය). එසේම මෙහි සදහන් කරුණූ පටු රාමු තුල කොටු නොවී විවෘත මනසින් තර්කානූකූලව හා බුද්ධිමත් ලෙස විමසා බලන්න යන්න ඒ ඉල්ලිමයි.
උපවාසය ගැන කතා කරන්නේ ඉස්ලාම් පමණක්ද?
මීට වසර 1440 කට පමණ පෙර විසූ සමාජයක් මධ්‍යයේ මුහම්මද් (සල්) තුමාණන් මගින් වර්ථමාන ඉස්ලාම් දහම හා එයතුල උපවාසය ප්‍රකාශයට පත්වුවද ඊටත් වඩා දීර්ඝ ඉතිහාසයක් මෙම උපවාසයට ඇත. මෙය අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 2-183 වාක්‍යය මගින් ද මෙසේ අවධාරනය කරයි.
“විශ්වාසවන්තයනි (මුස්ලීම්වරුනි) !, නුඹලාට පෙර විසූ ජන (සමාජය)ට අනිවාර්ය කලාසේම, නුඹලාටත් උපවාසය රැකීම අනිවාර්ය කර ඇත. ඒ එය තුලින් නුඹාලා (අල්ලාහ් (දෙවියන්ට)) බියබැතියන් වනු පිණිසය.”
ඉහත කුර්ආන් වාක්‍ය යෙන් අල්ලාහ් (දෙවියන්) පැහැදිලිවම මෙය අතීතයේත් පැවතී ආගමික කටයුත්තක් යන්න පැහැදිලිවම සදහන් කරයි. මෙහිදී එම උපවාස ක්‍රමය වර්ථමාන මුස්ලීම් සමාජයේ පවතින උපවාස ක්‍රමයෙ මෙන්ම පැවතියා යන්න පැවසිය නොහැක. එසේ නොවේ යයි ද පැවසිය නොහැක. මන්ද අතීත එම සමාජවලත් උපවාස ක්‍රමයක් පැවතුනා යන්නට ශුද්ධ වූ කුර්ආනයේ 2-183 වාක්‍ය සාක්ෂි දැරුවද, එය මෙම උපවාස ක්‍රමයම යන්නට හෝ එසේ නොවේ යන්නට පැහැදිලි සාක්ෂි නොමැත. එයට ප්‍රධාන හේතුව වන්නේ එම සමාජවලට පහල වූ දේව අනපනත් නිසි ලෙස ආරක්ෂා නොවී පැවතීමයි. ඒ අනුව එම සමාජවල පැවතී උපවාසයන් පිලිබදව අනුමානයන් පමණක් සිදුකල හැකි අතර එය වර්ථමාන මුස්ලීම් සමාජය උපවාසය රැකීමට අත්‍ය අවශ්‍ය කාරණයක්ද නොවේ. එනමුත් මුස්ලීම් නොවන ප්‍රජාව සුපුරුදු පරිධි මුස්ලීම්වරුන් මාසයක් පුරාවට ඉටුකරන මෙම උපවාසයට ද විවිධ අපහසයන්, චෝදනාවන් හා විවේචනයන් ඉදිරිපත් කරයි. මේ හේතුව නිසා මෙම කාරණය පිලිබදව තරමක පුළුල් ගවේශනයක් කිසිදු කිරීම කාලීන යයි සිතේ. කවදත් ලාංකීය සමාජය පදනම් කරගෙන සාකච්ඡාවන් ගොඩනඟන යහමඟ අඩවිය තුලින් මෙම කාරනය වෙතද අවධානය යොමු කලේ නම්, වර්ථමාන ලාංකීය සමාජයේ ඉස්ලාම් දහම හැරුණු කල විවිධ ආගම්, ඇදහිලි හා විශ්වාසයන් තුල ද උපවාසයන් ක්‍රියාත්මක වේ. ඉන් කිහිපයක් සදහන් කරන්නේ නම්,
උපවාසය කවුරුන් සදහාද?
ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව නිසි අවබෝධයකින් තොරව ඉස්ලාමයට එරෙහිව විවිධ චෝදනාවන් ගොඩනැගීම යන්න ජාතිකතලයෙත් ජාත්‍යන්තරයේත් නිරන්තරයෙන් දකින කාරණයකි. එවැනි චූදිතයන් ඉස්ලාමයට එරෙහිව යොදාගන්නා එක් චෝදනාවක් තමා මේ “උපවාසය”. මේ හේතුව නිසා මෙම උපවාසය පිලිබදව ඉස්ලාමීය නිවරැදි ඉගෙන්වීම කුමක්ද?. යන්න දැන් අවධානය යොමු කරමු.
මා මීට පෙර උපවාසය සම්බන්ධයෙන් විවිධ පැතිකඩ ඔස්සේ කථා කලෙමි. එනම්,
- උපවාසය පිලිබදව කථා කරන්නේ ඉස්ලාම් පමණක්ද?
- ඉස්ලාම් පවසන උපවාසය කුමක් සදහාද?
- උපවාසය – ලෝකොත්තර දිවිය සදහා ද වේ
Subscribe to:
Comments (Atom)